theleaderlk 01

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ව්‍යවසායක දිලිත් ජයවීර නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.

පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණි.

එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගත්තේය.

මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇත.

ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.

එමෙන්ම හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රජිත හපුආරච්චි මව්බිම ජනතා පක්ෂයේ, කටාන ආසන සංවිධායක ලෙස  දිලිත් ජයවීර අතින් පත්වීම් ලබාගත්තේය.

mjp57

pe2024 2

worky sin

නවතම පුවත්