ළමා දිනය වැඩිහිටි දිනය සමරන මොහොත වන විට රටේ දරුවන් සහ වැඩිහිටියන් දශලක්ෂ ගණනින් කුසගින්නේ සිටින බව සජබ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා එසේ පැවසුවේ ඊයේ (01) මහරගම පක්ෂ ක්‍රියාකාරීන් සමග පැවැති හමුවක දී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
''ජයගත් අයට වගේම පරජයට පත් අයටත් බංකොලොත්භාවයෙන් රට ගොඩගැනිමේ වගකීම තිබෙනවා''
තරුණ අසහනය සහ පීඩනය නිර්මාණය වෙලා
‘‘වත්මන් රජයට ඇති එකම විකල්පය වන්නේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය යි. රට මුහුණ දෙන අභියෝග ජය ගන්නට සමගි ජන බලවේගයට ද කාර්යක් තිබෙනවා. රට මේ වන විට බහුවිධ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. ළමා දිනය වැඩිහිටි දිනය ගැන කතා වෙද්දි දශලක්ෂ ගණනින් දරුවන් බඩගින්නෙන් කුසගින්නෙන් ඉන්නවා. මොවුන් සිටින්නේ දැඩි පීඩනයකින් අසහනයෙන්. රැකියාවක් නොමැතිව තරුණ අසහනය පීඩනය නිර්මාණය වෙලා. ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන අභියෝග රැසක් තිබෙනවා. රටට විසදුම් සැපයීමේ වගකීම ජය ගත් කණ්ඩායමට මෙන්ම පරාජයට පත් අයට ද තිබෙනවා.
ජය ගන්නා අයට පමණක් වගකීම් බාර දීම බංකොලොත් රටකට සුදුසු නෑ. බවත් ඒ සඳහා සියලු දෙනා අත්වැල් බැදගත යුතු යි; ඒ වගකීම ඉටු කරන්න සියලු දෙනා සුදානම් විය යුතු යි. රට ගොඩගන්නා වැඩසටහනේ පුරෝගාමී වැඩපිළිවෙළක් විපක්ෂයට තිබෙනවා. අපිට එයින් ඉවත් වෙන්න බෑ. මේ රට සියලු දෙනාටම අයිති යි. ජනතාව මුහුණ දෙන ගැටලු හා අභියෝගවලට විසඳුම් ලබා දෙන කණ්ඩායම බවට අපි පත්විය යුතු යි.
අධ්‍යාපනය වෙනුවෙන් 6% වැය කරන්න බැරි නම්...
සමගි ජන බලවේගය මහමැතිවරණයට ඉදිරිපත් වන්නේ ප්‍රශ්න විසදන බලවේගයක් විදියට. ඒ ජයග්‍රහණය පොදුජන ජයග්‍රහණයක් කළ යුතු යි. සියලු දෙනා එකට එකතු වී රටට අවශ්‍ය නිෂ්පාදන කර්මාන්ත ඇති කළ යුතු යි; නිෂ්පාදන කර්මාන්ත පද්ධතිය සකස් කළ යුතු යි; ජීවනෝපාය නිර්මාණය කර නව ව්‍යාපාරිකයන් බිහි කර අපනයනය කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කළ යුතු යි. දල දේශීය නිෂ්පාදනයෙන් සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරන්න බැහැ කියනවා. එහෙම නම් එවැනි අසීරු තත්ත්වයක් තුළ ගතානුගතික ක්‍රමවේදවලට නොයා අලුතින් සම්පත් සොයා ගැනීමේ වැඩපිළිවෙළකට යා යුතු යි; විවේචනයට පමණක් සීමා නොවිය යුතු යි.
මේ වන විට අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු රැසක් තිබෙනවා. විභාග ප්‍රශ්න පත්‍ර පවා විභාගයට පෙර එළියට එනවා. ඒ නිසා රටක් ලෙස ඉහළ තරගකාරිත්වයෙන් කටයුතු කළ යුතු යි. විශිෂ්ට පුරවැසියන් බිහි කරන ගමනක් යා යුතු යි. දුදරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන අධ්‍යාපනයේ විප්ලවයක් අවශ්‍ය යි. කරනවා යැයි කියන දේවල් කරන්න බැරි වෙද්දි ඒවා විවේචනය නොකර ප්රගතිශීලී ගමනකට යා යුතු යි; තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය මහපොළොවේ යථාර්ථයක් බවට පත් කළ යුතු යි; සුහුරු පුරවැසියන් බිහි කළ යුතු යි; එදිරිවාදිකම් විරුද්ධතා තුළ සටන් පාට නිර්මාණය කළත් විසදුම් දීම අසිරු නිසා මේ අසීරු කාර්ය තෝරා ගත යුතු යි. මොකද දිනිය යුත්තේ රට සහ ලක්ෂ දෙසිය විස්සක ජනතාව යි. භේදයෙන් තොරව ජන ජිවිත ජයග්‍රහණය කරන්න බෙදා හදා ගත් සෞභාග්‍යය කරා යා යුතු යි.’’