theleaderlk 01

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ, ජනාධිපති අනුර දිසානායකට අභියෝග කරයි.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී අනුර දිසානායක කළ ප්‍රකාශයක් තම X සමාජ ජාල ගිණුමේ පළ කරමින් ඔහු මෙසේ සඳහන් කරයි.

වසර ගණනාවක් තිස්සේ ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම් තම පවුල මහජන මුදල සොරකම් කළ බවට ප්‍රකාශ කරන බවද  නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේය.

දැන් ඔහුට එම චෝදනා ඔප්පු කිරීමට කාලය පැමිණ ඇතැයිද නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

xdfrt345

රාජපක්ෂවරු හොරකම් කළ මුදල් උගන්ඩාව ඇතුළු රටවල තැම්පත් කර ඇති බවටත් තම රජයක් යටතේ වහාම එම මුදල මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් මාලිමාවේ ක්‍රියාකාරීන් පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී වේදිකා ගානේ දිගින් දිගටම ප්‍රකාශ කළ බවද නාමල් රාජපක්ෂ සිහිපත් කරයි.

 

 

pe2024 2

worky sin

නවතම පුවත්