තමාගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ සිද්දිය තමාගේ දේශපාලනය නිසා සිදුකෙරෙන පලිගැනීමක් දැයි සැකයක් මතුවන බව සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බද්දුර්දින් පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී රිෂාඩ්  බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ඇතුළු දෙදෙනෙකු පෙරේදා (14) සවස අත්අඩංගුවට ගත් අතර මේවනවිට රැඳවුම් නියෝග යටතේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තාවේ.

ඔවුන්ගේ නීතිඥයින්ට හෝ පවුලේ කිසිවකුට මේ දක්වා ඔවුන් දෙදෙනා හමුවීමට අවස්ථාවක් ලබාදී නොමැත.

ඒ අතර රිෂාඩ් බද්දුර්දින් ගේ නීති උපදේශකයකු ලෙස කටයුතු කළ නීතිඥ හෙජාස් හිස්බුල්ලා (Hejaz Hizbullah) ද අත්අඩංගුවට ගෙන් ඇතැයි වාර්තා වේ.

''මගේ දේශපාලන නිසා කරන පලිගැනීමක් දැයි සැකයක් තියනවා'' -හිටපු ඇමති රිෂාඩ් කියයි 

තම සොයුරා අත්අඩංගුවට ගැනීම  සම්බන්ධයෙන් අද සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක රිෂාඩ් බද්දුර්දින්,  පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වසරකට පසුව මේ අවස්ථාවේදී සිදු කරන අත්අඩංගුවට ගැනීම් තම දේශපාලන නිසා සිදුකරන පලිගැනීමක් දැයි සැකයක් මතු කරන බව කියා සිටියේය. 

කෙසේවුවද සියලුම ආකාරයේ ත්‍රස්ත ක්‍රියාවන්ට එරෙහි තමා හා තම පක්ෂය ආරක්ෂක අංශ විසින් සිදුකරන විමර්ශනයන්ට උපරිම සහය ලබාදෙන බවද එහිදී කියා සිටියේය.  

එහිදී ඔහු තවදුරටත් මෙසේ පවසයි.

මගේ මල්ලී රියාජ් බදුර්දීන්ව ඊයේ එයාගේ පුත්තලමේ නිවසට ගිහිල්ලා සීඅයිඩී එකෙන් පාස්කු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තා කියලා මාධ්‍යයෙන් ප්‍රචාරයක් ගියා. ඒ වගේම අත්අඩංගුවට ගත්තා. ඊයේ හවස ගෙදරට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන.

අද දක්වාම තාම සහෝදරයාව බලන්න පවුලේ කට්ටියට හෝ එයාගේ නීතිඥ මහත්තයාට වත් අවසර දීලා නැහැ. 

පාස්කු ඉරිදා සිද්ධිය වෙලා අවුරුද්දකටත් පස්සේ ඒ වගේ ගෙදරට ගිහිල්ලා අත්අඩංගුවට ගත්ත එක ගැන මට සැකයක් ඇවිල්ලා තියෙනවා මගේ දේශපාලන මතය නිසා හෝ ඒ වගේ දෙයක් කරාද කියලා. 

රිෂාඩ් බදුර්දීන් මේකට සම්බන්ධයි සම්බන්ධයි කියලා සමහර දේශපාලකයෝ නිතරම කතා කරා. මාධ්‍යවල නිතරම කෑගැහුවා මුලු ලංකාවට මට විරුද්ධව පෝස්ටර් ගැහුවා. මට විරුද්ධව පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඒ වගේ මගේ දේශපාලනයට හානි කරන්න පුලුවන් උපරිමයෙන්ම මට ඒ වගේ දේවල් කරා. 


''මම හෝ මගේ පවුල මේ ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැහැ''


මම හෝ මගේ පවුල මේ ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා අපේ හෘද සාක්ෂිය දන්නවා.  

පොලිස් මාධ්‍ය ප්‍රකාශ හරහා දැන්වීමක් කරා. සියලුම මාධ්‍ය හරහා ඒ දැන්වීම කරේ රිෂාඩ් බදුර්දීන්ට විරුද්ධව මේ ත්‍රස්ථවාදය සම්බන්ධව තොරතුරු තියෙනවා නම් ඕනේ කෙනෙක්ට ඇවිල්ලා ඒ දේවල් ලිඛිතව භාර දෙන්න පුලුවන් කියලා මාධ්‍යයෙන් ඒ දැන්වීම කරේ. සිය ගානක් පැමිණිලි කරා. 

ඒ පැමිණිලි ඔක්කොම පරීක්ෂණය කරන්න පොලිස් කමිටු තුනක් ඒ වැඩ බලන පොලිස්පතිතුමා පත් කරා. පාර්ලිමේන්තු කමිටු වාර්තාවේ ඒ ෆයිනල් වාර්තාවේ ඇතුළත්ව තිබෙනවා මම මෙම පාස්කු ඉරිදා ත්‍රස්ථවාදයකටවත් හෝ වෙනත් ත්‍රස්තවාදයකටවත් සම්බන්ධ නැහැ. මේ තියෙන්නේ පොලිස්පතිතුමා එවපු ලියුම පාර්ලිමේන්තු කමිටු වාර්තාවට ඇතුලත්වෙලා තියෙනවා. 

පාස්කු ඉරිදා ත්‍රස්තවාදයට හෝ වෙන කිසිම ත්‍රස්තවාදයටකට හෝ මම හෝ මගේ සහෝරවරු කිසිම සම්බන්ධයක් නැහැ කියලා මම වගකීමෙන් කියන්න කැමතියි. 

ආරක්ෂක අංශය ගෙනියන ඕනෑම පරීක්ෂණයකට අපි උපරිම සහයෝගය ලබා දෙන්න අපි සූදානම්. මගේ සහෝදරයාට සීඅයිඩී එකට එන්න කිවුවා නම් කියන වෙලාවට කටඋත්තරයක් දෙන්න එයා සූදානම්. 

සීඅයිඩීයට හෝ වෙනත් ආරක්ෂක අංශයකට වුණත් මේ ත්‍රස්තවාදය සම්බන්ධ කරන පරීක්ෂණවලට මගේ සහෝදරයා උපරිම සහයෝගය දෙයි. ඒ සම්බන්ධව අපි ඕන පරීක්ෂනයකට සහයෝගය දෙන්න අපි සූදානම්''

වීඩියෝ 





worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්