සෑම වසරකම මැයි 3 වනදා ජනමාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනයයි. මාධ්‍ය නිදහස යනු මුලික මානව අයිතිවාසිකමක් වන

භාෂණ සහ ප්‍රකාශන නිදහසට (freedom of expression) ඇති අයිතියේම දිගුවකි.

 1948 ලෝකයේ රටවල් විසින් සම්මත කර ගත් මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රඥප්තියේ 19 වන වගන්තියෙන් මේ අයිතිය සහතික කොට ඇත.

මාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයක් සැමරීම ආරම්භ වුණේ 1993දී. එයට මුල් වූයේ 1991දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ඒ පිළිබඳ සම්මත කරනු ලැබු යෝජනාවක්.

ශ්‍රී ලංකාව ද ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජික රජයන් වෙනුවෙන් මෙම දිනය සැමරීම සම්බන්ධීකරණය කරන්නේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ (UNESCO) විසිනි.

ජනමාධ්‍ය නිදහස පිළිබඳ ලෝක දිනයේ 2020 තේමාව ‘බියෙන් සහ පක්ෂග්‍රාහීත්වයෙන් තොර මාධ්‍යකරණයක්’ (Journalism without Fear or Favour) යන්නයි.

 

වසංගත තත්ත්වය තුළ මාධ්‍ය වගකීම!

covid media

පවතින වසංගත තත්ත්වය තුළ ජනමාධ්‍ය සතු සමාජ වගකීම සියලු බලධාරීන් වටහා ගත යුතුව ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරසිටියි.

මෙම ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදි,  මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බියෙන් හා පක්ෂ පාතිත්වයෙන් තොරව ක්‍රියා කර පවතින දැඩි වසංගත තත්ත්වයෙන් සමාජය මුදවා ගැනීම සඳහා දායක වීමට අවස්ථාව සලසා දෙන ලෙසත්, විවේචනාත්මක වාර්තාකරණයන් නිසා මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයේ සියලු වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටිමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

කොවිඩ්–19 වසංගත තත්ත්වය උග්‍ර වීමත් බියෙන් හා පක්ෂ පාතිත්වයෙන් තොර සමාජ වගකීමක් සහිත මාධ්‍ය භාවිතයක අවශ්‍යතාවය කැපී පෙනෙන තත්ත්වයකට පත්ව ඇති බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම නිවේදනය මගින් අවධාරණය කර සිටියි.

කොවිඩ්–19 ලොව පුරා ව්‍යාප්ත වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අධිකාරිවාදය විසින් ලෝක ප්‍රජාව ගෙන් බහුතරයක් යට කරගෙන ඇති දේශපාලන සන්දර්භයක් තුළය.

''කොවිඩ්–19 ලොව පුරා ව්‍යාප්ත වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට අධිකාරිවාදය විසින් ලෝක ප්‍රජාව ගෙන් බහුතරයක් යට කරගෙන ඇති දේශපාලන සන්දර්භයක් තුළය.''

මෙම හදිසි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම පිණිස බොහෝ ආණ්ඩු ක්‍රියා කරන්නේ ආණ්ඩුවල ප්‍රජාතන්ත්‍රික ව්‍යුහයන් සහ ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්වලට ගරු කරන ක්‍රියා මාර්ග ramsi Rask freeවෙනුවට අධිකාරිවාදී ක්‍රියාමාර්ග ඔස්සේ බව පෙනී යයි.

මෙම ප්‍රවණතාවය විසින් අභියෝගයට ලක් කර ඇති ක්ෂේත්‍ර අතර මාධ්‍ය ක්ෂේත්‍රය ප්‍රමුඛ ස්ථානයක් ගනී. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද එය එසේම අදාළ වන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිරීක්ෂණය කරයි.

ශ්‍රී ලංකාව තුළද ලොව අන් රටවල දක්නට ලැබෙන ආකාරයට ම ‘දැඩි වසංගත රෝග තත්ත්වය මැඩලීමේ දී සෞඛ්‍ය අංශයේ කාර්යභාරයේ සිට පුරවැසියන්ගේ පොදු යහපත සහතික කිරීම පිණිස ආණ්ඩුව විසින් ගන්නා විවිධ පියවරයන්’ දක්වා ඉතා පුළුල් පරාසරයක පැතිරුණ සංවාදයක් වර්ධනය වෙමින් පවති.

මෙවැනි සංවාදයන්ට හිතකර ප්‍රජාතන්ත්‍රවාදි වටපිටාවක් නිර්මාණය කරනු වෙනුවට ආණ්ඩුව ගන්නා ඇතැම් තීරණ එවැනි සංවාද අධෛර්යමත් කරන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වාදෙයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින්ද එවැනි තීරණ කෙරෙහි වැඩ බලන පොලිස්පතිවරයාගේ පවා අවධානය යොමු කර ඇති බව මෙහිදි සිහිපත් කළ යුතුය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි රාජ්‍ය ඇතුළු සියළු වගකිවයුතු යාන්ත්‍රණයන් හේතු සහිතව විවේචනය කිරීම මෙන්ම ප්‍රශ්න කිරීමද ජනමාධ්‍ය සතු අයිතියකි.විශේෂයෙන් පවතින අර්බුදකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා වඩාත් උචිත රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කර ගැනීමට එවැනි මාධ්‍ය භාවිතයන් ඉවහල් වේ.

දැනුවත් හා මහජනතාවට පක්ෂපාතීව ක්‍රියා කරන සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ කාර්යභාරයද මෙහිදී ඉතා වැදගත්ය.

ඒ අනුව මෙරට මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට හා සමාජ මාධ්‍ය පරිශීලකයන්ට බියෙන් හා පක්ෂ පාතිත්වයෙන් තොරව ක්‍රියා කර පවතින දැඩි වසංගත තත්ත්වයෙන් සමාජය මුදවා ගැනීම සඳහා දායක වීමට අවස්ථාව සලසා දෙන ලෙසත්, විවේචනාත්මක වාර්තාකරණයන් නිසා මේ වන විට අත්අඩංගුවට ගෙන සිටින සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙසත් මෙම ලෝක ජනමාධ්‍ය නිදහස් දිනයේදි, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයේ සියලු වගකිවයුතු පාර්ශ්වවලින් ඉල්ලා සිටී.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්