අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් හෙට සඳුදා (04) දිනයේ කැඳවා ඇති සාකච්ඡාව වර්ජනය කිරිමට එක්සත් ජාතික පක්ෂය ද තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා රැස්විමක් සඳහා හෙට දිනයේ අරලියගහ මන්දීරය වෙත කැඳවා තිබිණ.
කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙන්නේ මෙම රැස්වීම සඳහා සහභාගීවිමට මීට පෙර තම පක්ෂය තීරණය කර තිබු බවයි.
නමුත් මෙම රැස්වීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සියලුම හිටපු මන්ත්‍රීවරුන්ට මෙන්ම අනෙකුත් ක්‍රියාකාරි දේශපාලන නායකයින්ට ආරාධනා කර ඇති බව ඔවුන් පෙන්වා දෙයි.
මෙවැනි අවස්ථාවකදී අර්ථවක් සංවාදයක් පැවැත්විය නොහැකි බව පෙන්වා දෙන එක්සත් ජාතික පක්ෂය අදාල නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ මේ හේතුව මත මෙම සාකච්ඡාවට සහභාගී නොවන බවයි.
එහෙත් කොවිඩ් නයින්ටීන් උවදුර හමුවේ රට අස්ථාවර වී ඇති අවස්ථාවක රජය ගන්නා සියලු ක්‍රියාමාර්ගයන්ට සහය විමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව ද එම නිවේදනයේ සඳහන්ය.
ජනතා විමුක්ති පෙරමුණ හා සජිත් ප්‍රේමදාස නායකත්වය දරන 'සමගි ජන බලවේගය' අගමැතිගේ ආරාධනය ප්‍රතික්ෂේප කරමින් ඊයේ දිනයේ නිවේදන නිකුත්කර තිබිණ.
රටේ වත්මන් වාතාවරණයත් සමග ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා යයි කියමින්, අගමැති මහින්ද රාජපක්ෂ විසින් හිටපු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලබන සදුදා (මැයි 04) අරලියගහ මන්දිරයට කැඳවා ඇත්තේ, මතුව ඇති ව්‍යවස්ථා අර්බුදයේ කොටස්කරුවන් බවට විපක්ෂයේ නායකයින් කොටුකර ගැනීමේ උපායමාර්ගයක් ලෙස යයි සමාජ මාධ්‍යය ඔස්සේ අදහස් දක්වන දේශපාලන ක්‍රියාකාරීන් අවධාරණය කර තිබිණ.
සබැඳි පුවත් :
අගමැතිගේ සාකච්ඡාවට එජාපය යයි : ''අපි යන්නේ පාර්ලිමේන්තුව කැඳවන්න කියන්නයි'' – අකිල
ආණ්ඩුව 'ඩබල් ගේමක' : ''අගමැතිගේ හමුවට යන්නේ නැහැ'' - සමගි ජන බලවේගය කියයි
විපක්ෂය, අගමැතිගේ මැයි 04 සාකච්ජාව වර්ජනය කරන ලකුණු! - ජවිපෙ දැනටමත් දැනුම්දීලා!!
බැසිල් ඉදිරියට! - අගමැති මහින්ද, පාර්ලිමේන්තුව අරලියගහ මන්දිරයට කැඳවයි!