මාසයක වැටුප ආපසු රජයට දෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර විසින් ලිපියක් ලියා ඇත්තේ රාජ්‍ය සේවකයන්ගේ

ප්‍රධානියා ලෙස බව තහවුරු වී තිබේ. කෙසේ වෙතත්, එම ඉල්ලීම ඉටු කිරීමට රජයේ සේවකයන් බැඳී නැති බව ආණ්ඩුව කියා සිටී.

ආයතන ප්‍රධානීන් වෙත ලියන ලද ලිපියකින් ජනාධිපති ලේකම් විසින් මැයි මාසයේ වැටුප ඉල්ලීම සමස්ත රාජ්‍ය සේවයම බිය වැද්දීමක් බවට ලංකා ගුරු සංගමය විසින් පෙන්වාදීමෙන් අනතුරුව රජයේ කැබිනට් ප්‍රකාශකයා කියා සිටියේ එම ඉල්ලීම කිරීමට ආචාර්ය ජයසුන්දරට “ශුද්ධවූ අයිතියක්" ඇති බවයි.

ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් අවධාරණය කර තිබුනේ ජනාධිපතිවරයාගේ සෘජු නියෝජිතයා නිල ලිපි ශීර්ෂය යොදා ගනිමින් ලිපි ලිවීමෙන් රජයේ කනිෂ්ඨ සේවකයන්ට අයුතු බලපෑම් කිරීමට ඉහල නිලධාරීන්ට මග පාදා දී ඇති බවයි.

ජනාධිපති කාර්යාලයේ නිල ලිපි ශීර්ෂය යොදා ගනිමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ලියු ලිපිය “පුද්ගලික ආයාචනයක් ලෙස” හඳුන්වා දුන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන එය ප්‍රතිෂේප කිරීමටද අයිතියක් ඇති බව කියා සිටියේය.

"එහෙම ආයාචනයක් කරන්න එතුමාට ශුද්ධ වු අයිතියක් තියනවා. ඉතින් එයට විරුද්ධ කෙනෙකුට එය නොගෙවා සිටීමේත් පුර්ණ අයිතිය තියනවා. මේ රටේ ව්‍යවසනකාරී තත්වය යටතේ සතයක්වත් දෙන්න කැමති නෑ කියන කෙනෙකුට එසේ සිටීමේ හැකියාවත් තියනවා" රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැයි 8 සිකුරාදා  පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පීබී ජයසුන්දර නිල ලිපි ශීර්ෂය යොදාගෙන ලියූ පිටු හතරේ “පුද්ගලික ආයාචනයේ” අඩංගු අනිකුත් කරුණු ප්‍රතික්ෂේප කළ යුතුද, නැද්ද යන්න කැබිනට් ප්‍රකාශකයා පැහැදිලි කළේ නැත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්