ආනයන සීමා කරන බව කියන බාරකාර ආණ්ඩුව පොල් තෙල් ආනයනය වැඩි කිරීම සඳහා බදු සහන ලබා දීම,

පොල් තෙල් මාෆියාවේ 'කොමිස්' කුට්ටි මත සිදුවූවක් දැයි ආණ්ඩුවේ පාර්ශව ද මේවනවිට බරපතල සැකයක් මතුකර ඇත. ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ මෙහෙයවීම මත පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ඔස්සේ ද මේ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ.

2020 අප්‍රේල් 16 දින අගමැති මහින්ද රාජපක්ෂගේ අත්සනින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයක් මගින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු සහන යටතේ පොල්තෙල් ආනයනය සීමා කිරීම සඳහා පනවා තිබූ විශේෂ බද්ද රුපියල් 100කින් අඩු කිරීම, එනම් කි.ග්‍රෑ. 1 කට රු 295ක් වූ බද්ද රු 195 ක් දක්වා අඩු කිරීම එම විවේචනයට හේතුවී ඇත.

මෙය ආණ්ඩුවට කිට්ටු වී සිටින කුමන හෝ ආනයන ජාවාරම්කරුවෙකුගේ උවමනාව මත සිදුවූ දෙයක් බව සහ ඒ මගින් දේශීය පොල් කර්මාන්තයට පහර වදින බව පොල් කර්මාන්තකරුවෝ චෝදනා කරති.

මෙසේ චෝදනා එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවේ ප්‍රබලයින් සමග ද සමීපව ගනුදෙනු කළ මහ පරිමාණයෙන් පොල් තෙල් හා ෆාම් තෙල් ආනයනය කරන කුප්‍රකට ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු වෙතය.

ආණ්ඩුවේ ඇතැම් බලධාරීන් මහ මැතිවරණයට මුදල් සොයා ගැනීම සඳහා ඇතැම් ජාවාරම්කරුවන්ට සහන ලබාදෙමින් සිටින බව මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහට ලක්වෙමින් තිබේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්.

coconut oil

 

සබැඳි පුවත් :

ආණ්ඩුව අල්ලේ නටවන ෆාම් ඔයිල් මාෆියාවක් : 'ෆාම් තෙල් බදු අඩු කරන්න එපා' - ජාතික සංවිධාන රජයට බලකර සිටියි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්