ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන අගමැති ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාර වැඩ බලන ලේකම් පත් කිරීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග

වලින් වාර්තාවේ. 

මුදල් අමාත්‍යංශයේ හා මහා භාණ්ඩාගාර ලේකම්, එස්.ආර්. ආටිගල මේදිනවල වෛද්‍ය උපදෙස් මත නිවාඩු ගෙන සිටීම ඊට හේතුව බව පැවසේ.

 පසුගිය දා ඔහුට හදිසියේ මතුවූ හදවත් රෝගී තත්වයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ගැනීම සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර සිටි අතර එහිදී සිදුකළ සුළු ශල්‍ය කර්මයකින් පසු මේ දිනවල නිවෙසට වී විවේක සුවයෙන් පසුවේ.

මධ්‍යම අධිවේගි මාර්ගයේ සිව්වන කොටස ඉදිකිරීම ටෙන්ඩර් පාටිපාටියකින් තොරව පෞද්ගලික සමාගමකට 
පැවරීමට අදාළ කැබිනට් පත්‍රීකාව සැකසීමේදී  රජයේ ප්‍රබල ලේකම්වරයකු සමග ඇතිවූ මත ගැටුමක් මත මුදල් අමාත්‍යංශ ලේකම්වරයා පසුගිය දින කිහිපයෙහි දැඩි කම්පනයකින් සිටි බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

ඔහු පසුගිය දා තමන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුට ම පවසා ඇත්තේ, අවස්ථාවක් ලැබෙන පළමු මොහොතේම තමා විශ්‍රාම යාමට බලාපොරොත්තු වන බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්