ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම හිතවතකු වන ජනාධිපති නීතිඥ අලි සබ්රිට එරෙහිව 'වොයිස්කට්' කිහිපනමක

මේදිනවල ප්‍රකාශ නිකුත්කරමින් සිටින්නේ, ආණ්ඩුවට සහය දක්වමින් සිටින ප්‍රබල ව්‍යාපාරිකයකුගේ අවශ්‍යතාවය මත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි, 'පොහොට්ටු' පක්ෂය විසින් ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර ඇති එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ලයිස්තුවේ ඉදිරියෙන්ම සිටින පුද්ගලයෙකි.

එසේ තිබිය දී අදාල ව්‍යාපාරිකයා විසින් නඩත්තු කරන අන්තවාදී සංවිධානය හිමිවරුන් කිහිප නමක් විසින් අලි සබ්රිට පහර දෙන්නේ ඇයිදැයි යන කාරණය දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වෙමින් තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නීති උපදේශකයකු ලෙස ක්‍රියා කරන අලි සබ්‍රි විසින් ලබාදී ඇතැයි කියන නීතිමය උපදෙසක් සම්බන්ධයෙන් උරණවී සිටින අදාල ව්‍යාපාරිකයා, ජනාධිපති නීතිඥ අලි සබ්‍රිට එරෙහි ප්‍රහාරය සදහා සෘජුවම සහාය දක්වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත්, අලි සබ්‍රිට එරෙහිව එල්ල කරන 'වොයිස් කට්' ප්‍රහාර ඉදිරි කාලයේ දැඩි වන ලකුණු පෙනෙන්නට තිබෙන අතර, ඒ සදහා එක්තරා මාධ්‍ය ආයතනයක් අනුග්‍රහය දක්වන්නට ඉදිරිපත් වී ඇති බවද දැන ගැනීමට තිබේ.

ali sabri madille

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්