කොවිඩ්වි 19ඩ් -19 පාලනය කිරීමට වසර හතරක් හෝ පහක් ගතවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥවරිය

වන සෞම්‍යා ස්වාමිනාදන් (Soumya Swaminathan) පසුගිය බදාදා අනාවැකි පළ කළේ ය. ඒ වසංගතය අරභයා ලෝකය ඉදිරියෙහි ඇති දුෂ්කරතා පිළිබඳ තක්සේරුවක් කිරීමෙන් පසුවය.

වයිරසය කොපමණ කළක් තර්ජනයක් ලෙස පවතින්නේද යන්න තීරණය වනු ඇත්තේ වෛරසය කුමණ විකෘතීන් අත්කර ගන්නේද, එය පාලනය කිරීමට ගෙන ඇති පියවරයන් මොනවාද සහ පලදායී එන්නතක් නිපදවා තිබේද යන්න ඇතුළු බොහෝ සාධක මත යැයි සෞම්‍යා ස්වාමිනාදන් 'ෆයිනැන්ෂල් ටයිම්ස්' පුවත්පත සංවිධානය කළ ගෝලීය ඩිජිටල් සමුළුවකට පවසා තිබේ.

Dr.SS talk“අවුරුදු හතරක් හෝ පහක කාල රාමුවක් තුළ මෙය පාලනය කිරීමට අප බලා සිටින්නට සිදුවිය හැකි යැයි මම සිතමි,” යැයි කී ඇය ඒ සඳහා මැජික් බෝලයක් නැති බවත් වසංගතය “වඩා නරක අතට හැරිය හැකි” බවත් පවසා තිබේ.

එන්නතක් සොයා ගැනීම දැනට ඇති හොඳම ක්‍රමය ලෙස පෙනෙන නමුත්, නමුත් එහි කාර්යක්ෂමතාව සහ ආරක්ෂිත බවද එහි නිෂ්පාදනය හා සමානව බෙදා හැරීම පිළිබඳවද බොහෝ ප්‍රශ්ණ තවම ඉතිරිව තිබේ. වයරසය විකෟති මගින් වෙනස් වන්නේ නම් එන්නතක කාර්යක්ෂමතාවය දුර්වල විය හැකිය.

එම ඩිජීටල් සමුළුව අමතා කතා කළ ලන්ඩනයේ සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය පීටර් පියොට්, (Peter Piot, Director, London School of Hygiene & Tropical Medicine) වෛරසය පාලනය කිරීම පලදායී එන්නතක් නිපදවීම මත රඳා පවතින බවට එකඟවන ගමන්ම කියා සිටියේ රෝගය තුරන් කිරීම සඳහා තව බොහෝ දේ අවශ්‍ය වනු ඇති බවයි.

Prof Peter Piotකොවිඩ් 19 අසාදනයකින් සුවය ලබමින් සිටින මහාචාර්ය පියොට් “රෝගයක් ලෙස වසූරිය දැන් තුරන් කර තිබේ. එනයින් රටවල් කල්පනා කළ යුත්තේ මාස ගණනින් නොව වසර ගණන් වලිනි” යැයි පැවසයි. මේ සමඟ ජීවත් වීමට අපට සමාජයක් ලෙස මාර්ගයක් සොයා ගැනීමට සිදුවනු ඇති බව පවසන ඔහු සහ රටවල් වසා දැමීමේ සිට වඩාත් කුඩා පරිමාණයේ ඉලක්කගත මැදිහත්වීම් කරා වෙනස් විය යුතුයැයි පවසයි.

සීමාවන් ලිහිල් කිරීමේ අවදානම සහ ප්‍රතිලාභ කිරා මැන බලමින් “නව සාමාන්‍යයකට” ළඟා වන්නේ කෙසේදැයි සොයා බැලීම ප්‍රතිපත්ති සම්පාදකයින් මුහුණ දෙන විශාලතම අභියෝගය බව ආචාර්ය ස්වාමිනාදන් පවසයි.

වසංගතයේ මීළඟ අදියර කරා අප ගමන් කරන විට “පරීක්ෂා කිරීම අත්‍යවශ්‍යයි” යැයි ද “පරීක්ෂණ සඳහා වැඩි ආයෝජනයක් කිරීම හැර වෙනත් විකල්පයක් නැත” යැයි ද මහාචාර්ය පියොට් පවසයි.

(srilankabrief.org)

 Apekshakaya

subscribeYT

Cyber Window

නවතම පුවත්