රජය නිවැරදි ප්‍රතිපත්තිමය තීරණයක් ගත් විට සියලූම රාජ්‍ය ආයතන එම ප්‍රතිපත්ති අනුව වැඩ කළ යුතු බවත්, නිවැරදි දේ කිරීමට නොහැකි රාජ්‍ය නිලධාරියා

රටට බරක් වන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

වසර ගණනාවක් තිස්සේ එතනෝල් ආනයනය නිසා රටේ ආර්ථිකයට විශාල හානියක් වූ බැවින් එය නතර කිරීමට පියවර ගත් බව පවසන ජනාධිපතිවරයා, පෞද්ගලික ව්‍යාපාරිකයන්ගේ බලපෑම්වලට යටත් වී එම තීරණය වෙනස් නොකරන බව ද අවධාරණය කර සිටයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අමාත්‍යාංශ ලේකම්වරුන් සහ වැවිලි සහ කර්මාන්ත අංශයට අයත් ආයතන ප්‍රධානීන් සමග ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකදී ය.

වැවිලි හා කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළව දීර්ඝ කාලයක් පැවති ගැටළු නිරාකරණය සඳහා සාකච්ඡාව කැඳවා තිබිණි.

රාජ්‍ය නිලධාරියාගේ වගකීම ප්‍රශ්න විසඳීම මිස පැහැර හැරීම නොවන බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 

 රජයේ දැවැන්ත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අදාළ ප්‍රතිපත්ති රට හමුවේ තබා ඇති බැවින් ඒවා හඹා යෑමේදී තාර්කික නොවන නීති රීති බාධාවක් කරගත යුතු නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

රාජ්‍ය දැව සංස්ථාව සහ රාජ්‍ය වැවිලි සමාගම අතර දීර්ඝ කාලයක් පැවති නීතිමය ගැටළු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

අනුබද්ධ ආයතන අතර පවතින ගැටළු නිසි පරිදි සාකච්ඡාවට නොගැනීමෙන් නඩු මගට යෑමට රජයේ ආයතනවලට සිදුව ඇති බවද මෙහිදී හෙළි විය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නඩු 800ක් පමණ ගොනු කර ඇති අතර ඉන් 300 ක් පමණ වැවිලි සමාගම් සමග බවද හෙළි විය.

 රජයේ සහ අනුබද්ධ ආයතනවල පවතින ගැටළු නීති මාර්ගයට නොගොස් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු බව ද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මහා භාණ්ඩාගාරයට බරක් නොවන ආකාරයට රාජ්‍ය ආයතන පවත්වා ගත යුතු බවත් ඒ සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී දීර්ඝ කාලයක් ගත යුතු නැති බවත් ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.

අමාත්‍ය රෙමේෂ් පතිරණ සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්