''මිල සහනය නොදීම නිසා ඉන්දීය අයි.ඕ.සී. සමාගම විශාල ලාභයක් උපයමින් තිබුණා. අපි ඊට විරුද්ධව දැඩිලෙස විවේචනය කිරීමේ

ප්‍රතිඵලයක් හැටියට බද්දක් අය කරන්න පටන් ගත්තා. ඒ නිසා ආණ්ඩුවට සල්ලි නැහැ කියන්න කිසිම අයිතියක් නැහැ.'' යයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පැවසිය.

ඉන්ධනවලින් විශාල ලාබයක් ලබන ආණ්ඩුව මුදල් නැතැයි කියමින් රාජ්‍ය සේවක වැටුප් කපා ගැනීමට සුදානම් වන  බවත්, අනෙක් පැත්තෙන් අධිවේගී මාර්ග හදන්න රුපියල් කෝටි 3,100ක් වෙන් කරගත් බවත් ඔහු කියා සිටියි.

ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා මේ බව පැවසූවේ, පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ ඊයේ (15)  පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත් මෙසේද පැවසිය.

''කොරෝනා වසංගතයට කලින් ඉඳලාම ආර්ථිකයේ බරපතල ගැටලු මතුවෙමින් තිබුණා. ලෝක වෙළඳපොළේ තෙල් මිල සීග්‍රයෙන් පහළ බසිමින් තිබෙන බව කවුරුත් දන්නවා. ලෝක වෙළඳපොළේ තෙල් බැරල් එකක් ඩොලර් 133 සිට සීග්‍රයෙන් පහත බැහැලා.

Daily Mirror - MR cycles to Parliamentමහින්ද එදා පාපැදියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තෙල් මිල අඩු කරන්න  බලපෑම් කළ හැටි...

වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ ඇතුලු ප්‍රබල අමාත්‍යවරු එදා පාපැදියෙන් පාර්ලිමේන්තුවට ඇවිත් තෙල් මිල අඩු කරන්න පැවැති ආණ්ඩුවට බලකළා.

 

කෝටි 30,000ක අමතර ලාබයක් ගැන බන්ධුල කියපු කතාව !

බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විපක්‍ෂයේ සිටියදී රු. කෝටි 30,000ක අමතර ලාබයක් ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩුවීමේ වාසිය තුළින් ගන්න පුළුවන් කිව්වා. එම මුදල් විවිධ ආර්ථික ක්‍රියාකාරකම්වලට වෙන්කළ හැකි බව පෙන්වා දුන්නා.

නමුත් වත්මන් ආණ්ඩුව ලෝක වෙළඳපොළේ කොතරම් තෙල්මිල අඩු වුණත් අවුරුද්දක් යන තුරු මිල අඩු නොකරන බවට ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා.

''ජනාධිපති ජාතිය අමතලා කිව්ව එකම දේ පරිප්පු - සැමන් ලාබෙට දෙනවා කියලා''

රටේ ජනාධිපතිවරයා කොරෝනා වසංගත තත්වය පිළිබඳව ජාතිය අමතලා කිව්ව එකම දේ සැමන් ටින් එක රු. 100ටත් පරිප්පු කිලෝ එක රු. 65ටත් දෙනවා කියලා. තෙල් මිලේ වාසිය සැමන්, පරිප්පුවලින් දෙන බව කිව්වා. සාමාන්‍ය වෙළඳපොළේ ඒ මිලට සැමන්, පරිප්පු තිබුණේ නැහැ. සතොස තිබුණු ටිකත් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් ඇතුළු දේශපාලනඥයන් තොග පිටින් අරගෙන යටිමඩි ගහපු හැටි හෙළිවුනා.

''ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැමන් ටින් එක ආපහු රු. 230ටත් පරිප්පු කිලෝවක් රු. 170ටත් වැඩිකර තිබෙනවා. සැමන්, පරිප්පු දේශපාලනයට තෙල් මිල යට කළා මිස ඇත්ත ආර්ථික වාසියක් ජනතාවට අත්වුණේ නැහැ.''

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සැමන් ටින් එක ආපහු රු. 230ටත් පරිප්පු කිලෝවක් රු. 170ටත් වැඩිකර තිබෙනවා. සැමන්, පරිප්පු දේශපාලනයට තෙල් මිල යට කළා මිස ඇත්ත ආර්ථික වාසියක් ජනතාවට අත්වුණේ නැහැ.

ලෝක වෙළඳපොළේ තෙල් මිල පහුගිය දවස්වල සෘණ අගයන්ට වැටුණා. නමුත් අපේ රටේ තවමත් මිල අඩුකළේ නැහැ. අද විවෘත වෙළඳපොළේ තෙල් මිල 2019 ජනවාරි සිට 2020 ජනවාරි වනවිට සීග්‍රයෙන් පහත වැටුණා. අද බොරතෙල් බැරල් එකක් ලෝක වෙළඳපොළේ ඩොලර් 28ක් පමණ වෙනවා. විවෘත වෙළඳපොළේ ඩොලර් 28ක් වුණාට රාජ්‍යයන් අතර විවිධ ගිවිසුම් මගින් ගන්නකොට ඩොලර් 10ට ගන්න පුළුවන්.

 

බොරතෙල් බැරල් එකක් 60%කින් මිල අඩුවෙලා :

ජනවාරි මාසයේ ඉඳලා මැයි මාසය වෙනකොට විවෘත වෙළඳපොළේ බොරතෙල් බැරල් එකක් 60%කින් මිල අඩුවෙලා. ජනතාවට මේ සහනය වහාම ලබාදිය යුතුයි. අද රු.104 තිබෙන ඩීසල් ලීටරය රු. 42ට දෙන්න පුළුවන්. රු.137ට තියෙන පෙට්‍රල් ලීටරයක් රු.55ට දෙන්න පුළුවන්. භූමිතෙල් ලීටරයක් රු.70 ඉඳලා රු.28ට අඩු කරන්න පුළුවන්.

''රු.5,000 දීමනාව ජනතාවට දෙන්න රු. කෝටි 2572ක් වැයකළ බව ආණ්ඩුව කියනවා. ඉන්ධන මිල අඩුවීම නිසා අතිරේකව කොපමණ මුදලක් උපයාගෙන තියෙනවාද කියලා ආණ්ඩුව කියන්නේ නැහැ.''

රු.5,000 දීමනාව ජනතාවට දෙන්න රු. කෝටි 2572ක් වැයකළ බව ආණ්ඩුව කියනවා. ඉන්ධන මිල අඩුවීම නිසා අතිරේකව කොපමණ මුදලක් උපයාගෙන තියෙනවාද කියලා ආණ්ඩුව කියන්නේ නැහැ.

මේ වාසියේ තරම රටේ ජනතාවට කියන්න කියලා අපි බන්දුල ගුණවර්ධන ඇමතිවරයාට අභියෝග කරනවා. ඉන්ධන මත බදු හෝ වෙනත් ගාස්තු කිසිවක් අඩු කරලා නැහැ. එදා රු. කෝටි 30,000ක අමතර ආදායමක් උපයන බව කිවු බන්දුල ගුණවර්ධන ඇමතිවරයා මේ තොරතුරු ජනතාවට හෙළිකළ යුතුයි.

 

අර්ථසාධක අරමුදලෙන් 20%ක් මුදා හරින්න යෝජනා:

පී.බී. ජයසුන්දර මහතා රජයේ සේවකයන්ගේ පඩි කපාගන්න ලියුම් ගහනවා. ඒ අතරේ අගමැතිවරයාගේ ආර්ථික උපදේශක කබ්‍රාල් මහත්තයා අර්ථසාධක අරමුදලෙන් 20%ක් මුදා හරින්න යෝජනා කරනවා.

සල්ලි නැහැ කියන ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන්න ණය ගන්නවා. මේ කොන්ත්‍රාත් ලබාදෙන සමාගම් නියෝජනය කරන රටවල්වලින්ම 6%ට 7%ට වූ ඉහළ පොලියකට මේ ණය ගන්නේ. ඒක ආර්ථිකයේ ප්‍රමුඛතාවය නෙවෙයි.

''සල්ලි නැහැ කියන ආණ්ඩුව මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන්න ණය ගන්නවා. මේ කොන්ත්‍රාත් ලබාදෙන සමාගම් නියෝජනය කරන රටවල්වලින්ම 6%ට 7%ට වූ ඉහළ පොලියකට මේ ණය ගන්නේ. ඒක ආර්ථිකයේ ප්‍රමුඛතාවය නෙවෙයි.''

කොරෝනා වසංගතය නිසා විශාල පිරිසකට රැකියාව අහිමිවීමේ අවධානමක් තියෙනවා. ස්වයං රැකියාවල ඉඳලා මහා පරිමාණ ව්‍යපාර ආයතන පවා වැටිලා ඉන්නේ. සේවකයන් 50%කින් කප්පාදු කරන්න හදන්නේ. මධ්‍යම අධිවේගී මාර්ගයට රු. කෝටි 3100ක් වෙන් කරන ආණ්ඩුව රු.5,000 දෙන්න වෙන්කරලා තියෙන්නේ රු. කෝටි 2572යි.

 

පහුගිය සියලු ආණ්ඩු ගත්ත ණය නිසා...

පහුගිය සියලු ආණ්ඩු ගත්ත ණය නිසා අද ජනතාව රු. 650,000ක ඒක පුද්ගල ණය බරකින් පෙළෙනවා. 2019 මහබැංකු වාර්තාවෙන් තව දුරටත් හෙළි වෙන්නේ රු. 80,000ක බදු බරක් සෑම පුරවැසියෙක් මතම පැටවෙලා තිබෙන බවයි.

මේ වගේ ආර්ථික බරකින් ජනතාව මිරිකී ඉන්න වෙලාවක ලෝක වෙළඳපොළේ තෙල්මිල අඩුවීමේ වාසිය ජනතාවට දෙන්න කියලා අපි බල කරනවා.

නිෂ්පාදකයන්ට ඔවුන්ගේ කර්මාන්ත ශාලා ඇතුළු ව්‍යාපාර නැවත යථා තත්වයට ගන්න නම් ඔවුන්ටත් තෙල් මිල සහනය ලබාදෙන්න ඕනෑ.

 

ඉන්ධන මිල සහයන දී විදුලි බිල අඩු කරන්න :

අපේ රටේ විදුලිය නිෂ්පාදනය සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්ධන මත යැපෙන්නේ. කැළණිතිස්ස බලාගාරය වගේම පෞද්ගලික බලාගාරත් ඉන්ධන මත යැපෙන්නේ. ඒ නිසා ඉහළ විදුලි බිලක් නියම වෙලා තියෙනවා. ආර්ථිකය යථා තත්වයට ගන්න නම් නිෂ්පාදනවල පිරිවැය අඩු කරගන්න ඉන්ධන මිල සහයන තුලින් විදුලි බිල අඩු කරන්න ඕනෑ.

මේ පහසුකම් සැලසුවොත් අපේ රටේ වැටිච්ච ආර්ථිකය වේගයෙන් ගොඩ ගන්න හැකියාව ලැබෙනවා. ආණ්ඩුව කළ යුත්තේ ඒකයි. ජනතාව තුළ මුදල් සංසරණය වෙන්න, නිෂ්පාදන වැඩි කරන්න දායක වෙන්න තෙල් මිල සහනය ලබාදිය යුතුව තිබෙනවා.

 

ටොම් ඇන්ඞ් ජෙරී රඟපෑම් ඉස්සරහට ගෙනත්..

ඉන්ධන මිල සහනය යට ගහන්න මාතෘකා ගෙනෙමින් තිබෙනවා. ටොම් ඇන්ඞ් ජෙරී රඟපෑම් ඉස්සරහට ගෙනත් තිබෙනවා. පසුගිය ආණ්ඩුව කාලයේ අත්අඩංගුවට ගැනීම් ජවනිකා වගේම මේ ආණ්ඩුවත් ඒ ජවනිකා පටන් අරන් තියෙනවා.

ගහෙන් වැටුණු මිනිහට ගොණා ඇන්නා වගේ ක්‍රියාමාර්ග ගන්නවා වෙනුවට ජනතාවගේ එදිනෙදා ප්‍රවාහන වියදම් ඇතුලු වියදම් අඩු කිරීමට පියවර ගන්නා ලෙස අපි බල කරනවා.

භූමිතෙල් සහනය හරහා ධීවරයන්ට විශාල ශක්තියක් දෙන්න පුලුවන්. ඒ තුළින් මීට වඩා ලාභයකට පාරිභෝගිකයාට මාළු මිලදී ගන්න පුළුවන්.

ආර්ථිකය තුළ ජනතාවට සහන දීලා, නිෂ්පාදකයන්ට සහන දීලා ඒ හරහා ආර්ථිකය ප්‍රසාරණය කරලා ආර්ථිකය යථා තත්වයට පත් කරන්න රජයක් විසින් ගත යුතු දූරදර්ශී ක්‍රියාමාර්ග මේවා.

අපේ රටේ වැටිච්ච ආර්ථිකය නැවත ගොඩ ගන්න නිෂ්පාදකයන්ටත් ජනතාවටත් සහනාධාර දෙන්න අවශ්‍ය මැදිහත්වීම් කරන්න කියලා, ඒ වෙනුවෙන් වහාම තීන්දු, තීරණ ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා.”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්