අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ මහ භාණ්ඩාගාරයේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගලගේ

සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට යහපත් අතට හැරී තිබෙන අතර ඒ අනුව, ඔහු ලබන සඳුදා සිට යළි සුපුරුදු රාජකාරී ආරම්භ කිරීමට නියමිත බව අමාත්‍යංශ ආරංචිමාර්ග පවසයි.

අසනීප තත්ත්වය මත  මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම ධූරයේ වැඩ බැලීම සඳහා මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු වන ප්‍රියන්ත රත්නායක පත්කර තිබිණ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල තවදුරටත් නිවාඩු ලබා ගන්නේ නම්,  මහ භාණ්ඩාගාර ලේකම් ධුරයේ හා මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයේ වැඩබැලීමට අගමැති ලේකම් ගාමිණි සෙනරත් පත්කරන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ද ඉදිරිපත්ව තිබිණ.

ව්‍යවස්ථානුකුලව අමාත්‍යංශ ලේකම්වරුන් පත්කිරීමේ බලය ඇත්තේ ජනාධිපතිවරයාටය.

ජනාධිපතිවරයා වෙනුවෙන් මුදල් අමාත්‍යංශය අධීක්ෂණය කරනු ලබන්නේ ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දරයයි.

 

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අසනීපවූ හේතුව ?

මේ අතර පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජවිපෙ ප්‍රධාන කාර්යාලයේදී පෙරේදා  (15)  අන්තර්ජාලය ඔස්සේ පැවැත්වූ මාධ්‍ය හමුවක මාධ්‍යවේදියකු ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මෙසේ පැවසිය.

“පාර්ලිමේන්තුව සතු මූල්‍යමය බලය මුදල් ලේකම්වරයා පාවිච්චි කරනවා කියන විශාල ආන්දෝලයක් ඇතිවී තිබුණා. ඒ සම්බන්ධයෙන් නිශ්චිත කරුණු හෙළිවී තිබෙනවා. අපේ රටේ ණය ගැනීමේ සීමාව සම්මත කරන්නේ පාර්ලිමේන්තුව. හැබැයි මධ්‍යම අධිවේගී මාර්ගයට අලුතින් ණය ගන්නකොට ඒ සීමාව ඉක්මවා යනවා. පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැහැ. මුදල් ලේකම්වරයා මෙවැනි තීන්දුවක් සම්බන්ධයෙන් සෘජුවම වගකීමට ලක් වෙනවා.

ඒ වගේම මැතිවරණයක් ප්‍රකාශයට පත්කළ තත්වයක් තුළ මුදල් ලේකම්වරයා මාර්තු 06වැනිදා අතුරු සම්මත ගිණුමක් සම්මත වුණා සේ සලකා චක්‍රලේඛයක් නිකුත්කර තිබුණා. මේ චක්‍රලේඛණය මුළුමනින්ම වැරදියි. මුදල් ලේකම්වරයා සෘජුව වගකිව යුතුයි කියන චෝදනාවක් එල්ල වුණා. මේ නිසා ඔහු හදිසියේ රෝහල්ගත වෙන්න පෙළඹුනාද කියන ප්‍රශ්නාර්ථය තිබෙනවා.”

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්