ඇමරිකාවට අපනයනය කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මිලියන 200 ක් වූ ප්‍රථම මුහුණු ආවරණ තොගය

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයින් ඇමරිකා එක්සත් ජනපද තානාපතිනී ඇලේනා බී. ටෙප්ලිට්ස් වෙත සංකේතාත්මකව බාර දෙනු ලැබිය.

බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මෙම අවස්ථාව සඳහා ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහාවන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂද සහභාගී විය.

එහිදී ඔහු මෙසේ සඳහන් කළේය.

'' ශ්‍රී ලංකාවත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර ඇති සහයෝගීතාව හේතුවෙන් ප්‍රමිතියෙන් උසස් නිෂ්පාදන අප රටින් ලබා ගැනීම සඳහා ගෝලීය පාරිභෝගිකයන් හට අවශ්‍ය පසුබිම සකස් කෙරෙනවා. එම ගමනේදී තම සම්පත් යොදා ගනිමින් බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් පෙරට පැමිණීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා''

brandi700

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදයේ සභාපති ඒ. සුකුමරන්, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඔමාර් සහ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ්හි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල යන මහත්ම මහත්මීහු ද එක්ව සිටියහ.

''කොවිඞ් 19 වසංගතය හේතුවෙන වෙළෙඳ සහ නිෂ්පාදන කටයුතුවලට මෙන්ම අපනයන වෙළෙඳ පොළ තුළ ශ්‍රී ලංකාව අත්කරගෙන සිටි හිමිකාරීත්වයට ද බලපෑම් එල්ල වුණා. එවැනි අතිශය අභියෝගාත්මක වාතාවරණයක් තුළ වුව ද එක්සත් ජනපදය වෙත අපනයනය කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන 200 ක් නිෂ්පාදනය කිරීමට හැකි වීම සතුටට කරුණක්. ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පවතින අඛණ්ඩ විශ්වාසය සහ සහයෝගීතාවට මෙය මනා පිටුවහලක් වනවා නොඅනුමානයි.''  යයි එහිදී අදහස් දැක්වූ බ්‍රැන්ඩික්ස් ඇපරල් ලිමිටඞ් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකා රංගා රන්මදුගල පැවසුවාය

.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්