වත්මන් පාලකයින් මේ රට තුළ නැවත වතාවක් දැවැන්ත සංවර්ධනවලට මුවාවී අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති හරහා දැවැන්ත ජාතික මංකොල්ලයක් සිදු කරමින් පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක

 පෙන්වා දෙයි.

කොවිඩ් උවදුර සීග්‍ර ලෙස ව්‍යාප්ත වූ ජනවාරි පෙබරවාරි මාස තුළ ලෝකයේ දහස් ගණනින්, ලක්ෂ ගණනික් ඒ සඳහා බිලිවන වටපිටාවක, ලංකාවේ කැබිනට් මණ්ඩලයට හදිසියේම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඉදිරි දශකයකට හෝ දශකයක් ඔබ්බට දිවෙන දැවැන්ත අධිවේගී මාර්ග පද්ධතියක් ඉදිකිරීමේ යෝජනාවක් ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද බව හිටපු අමාත්‍යවරයා පෙන්වා දෙයි.

පාඨලී චම්පික රණවක  ඒ සම්බන්ධයෙන් තවදුරටත් මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

 

කොවිඩ්වලට මුවාවී ආණ්ඩුව දැවන්ත ජාතික මංකොල්ලයක:

මාස 03 ක් ගත වීමටත් පෙර ඉතාම සීග්‍රගාමීව, මේ රටේ සෞඛ්‍ය සේවකයන්, ආරක්ෂක අංශ, රටේ ජනතාව ලක්ෂ 220 ක්, ආහාර, ඖෂධ, නැතිව නිවාසවලට වී දුක් විඳිද්දි ඒ සියල්ල පසෙකලා, අධිවේගී මාර්ග පද්ධතිය සඳහා අලුත් කොන්ත්‍රාත්කරුවන් තෝරා ගනිමින් දැවැන්ත මංකොල්ලයක් සිදු කරමින් සිටී.

කුරුණෑගල සිට දඹුල්ලට කිලෝමීටර් 60 ක් දිගැති අධිවේගී මාර්ගයක් රු. බිලියන 195 ක් වැයකරමින් ඉදිකිරීම සඳහා රවුටන් නැමති සමාගමකින් ණයක් ලබාගැනීම සඳහා ආණ්ඩුව පිඹුරුපත් සකස් කර ඇත.

මෙම ඉදිකිරීම සිදුකරන කොන්ත්‍රාත්කරුවන් කව්රුන් ද යන්න පැහැදිළි නොමැති අතර මෙය මේ අවස්ථාවේ රටේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ද යන්න ප්‍රශ්නයකි.

 

ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති චීන සමාගම් වෙත:

කහතුඩුවේ සිට රත්නපුර දක්වා කිලෝමීටර් 52 ක් ඉදිකිරීම සඳහා ආසන්නයෙන් ඩොලර් බිලියන 02 කට ආසන්න පිරිවැයක් (රුපියල් බිලියන 380 කට වැඩි මුදලක්) දරමින් චීනයේ CTIC සමාගමට මාර්ග කොන්ත්‍රාත්තුවක් ලබාදීමට කටයුතු සකස් කර තිබේ.

රුපියල් බිලියන 195 කට ආසන්න මුදලකට මහනුවර අධිවේගී මාර්ගයේ කීලෝමීටර් 32 ක් තැනීම සඳහා ‘කැතික්’ නැමති චීන සමාගමට පැවරීමට කටයුතු කර ඇත.

මේ මාර්ගය තැනීම සඳහා පසුගිය රජය සමයේ ජපානයෙන් ණය ආධාරයක් ලැබුණ අතර මාර්ගය ඉදිකිරීම සඳහා ජපන් සමාගම් කිහියපක් තෝරාගෙන තිබුණි.

ඒ සියල්ල අවලංගුකර චීන සමාගමකට මෙම මාර්ග කොන්ත්‍රාත්තුව ලබාදීමට වත්මන් ආණ්ඩුව හොර රහසේම කටයුතු කර ඇත.

 

ඩොලර් බිලියන 4.5 ක ණය ගෙවා ගැනීමට නොහැකිව, අධිවේගී මාර්ග සඳහා ඩොලර් බිලියන 05 ක්

පෑලියගොඩ - අතුරුගිරිය මාර්ගය, අලුතෙන් ඉදිකෙරන කැලණි පාලමත්, ඒ වගේම බත්තරමුල්ල නව නගරයත් සමඟ අතුරුගිරිය අධිවේගී මාර්ග පද්ධතිය හමුවන ස්ථානය දක්වා දිවෙන කිලෝමීටර් 17.5 වන මාර්ගය ඉදිකිරීම සඳහා CGC නම් චීන සමාගමට පවරාදීමට කටයුතු කර තිබේ.

ඒ සඳහා ආසන්නයෙන් ඩොලර් බිලියනයක පමණ මුදලක් ලබාදීමට නියමිතව ඇත. මේ මාර්ගයේ පෑලියගොඩ සිට රාජගිරිය දක්වා කොටස ඉදිකිරීම සඳහා පසුගිය රජය, රජයට බරක් නොවන PPB ක්‍රමයට ලබාදී තිබුණ බව සඳහන් කළ යුතුය.

මේ සියල්ලේ එකතුව ආසන්න වශයෙන් ඩොලර් බිලියන 05 ක් පමණ වන අතර රටේ ඉදිරි කාලයේදී ඉඩම් මිළ ඉහළයෑම සහ අනෙකුත් මිළ ගණන් ඉහළ යාම මත මෙය දෙගුණ විය හැකිය.

දැනටමත් ආණ්ඩුව මේ වසරේ ඩොලර් බිලියන 4.5 ක ණයක් ගෙවාගැනීමට නොහැකිව, විදේශ රටවලවල ඇවිදිමින් ‘අපට ණය ගෙවන්න බෑ, වසර තුනක් කල් දෙන්න අපට ණය ගෙවන්න’ යැයි ආයාචනා කර කර සිටිනා කාලයකි.

''දැනටමත් ආණ්ඩුව මේ වසරේ ඩොලර් බිලියන 4.5 ක ණයක් ගෙවාගැනීමට නොහැකිව, විදේශ රටවලවල ඇවිදිමින් ‘අපට ණය ගෙවන්න බෑ, වසර තුනක් කල් දෙන්න අපට ණය ගෙවන්න’ යැයි ආයාචනා කර කර සිටිනා කාලයකි. ''

නමුත් මේ අවස්ථාවේදී ඩොලර් බිලියන 05 ක්, එහෙමත් නැත්තම් රු. ට්‍රිලියනයකට ආසන්න මුදලක් මේ අධිවේගී මාර්ග පද්ධතියට වැය කිරීම පිළිබඳව මේ රටේ ජනතාව ප්‍රශ්න කළ යුතුව ඇත.

කොවිඩ් අර්බුදය මුවාවෙන් ජනතාව ගෙවල්වලට ලොක්ඩවුන් කර, ජනතාවගේ කටවල් ලොක්ඩවුන් කර, මේ කරන්න යන ජාතික මංකොල්ලය පිළිබඳව අනාවරණය කළ යුතුයි.  

 

රාජ්‍ය සේවක වැටුපෙන් රු.බිලියන 100 ක් ඉල්ලමින්, බිලියන 1,000 ක් කොන්ත්‍රාත් සමාගම් වෙත

මේ රටේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ඔහු තමා නිල ආකාරයෙන් නොවුනත් වක්‍රාකාරයෙන් අද මේ රටේ ආර්ථිකය රාජ්‍ය මූල්‍ය හසුරුවන්නෙ. ඔහු කියනව වැටුප් ගෙවන්න විදියක් නෑ. විශ්‍රාම වැටුප් ගෙවන්න විදියක් නෑ. ඒ නිසා වැටුප පරිත්‍යාග කරන්න රජයට කියල.

වැටුප රජයට පරිත්‍යාග කරන්න, රුපියල් බිලියන 100 ක් අවශ්‍යයි කියන ගමන්, බිලියන 1,000 ක කොන්ත්‍රාත්තු විදේස් සමාගම්වලට වංචනිකව ලබාදීමට කටයුතු කරමින් සිටී.  ජනතාවට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නය මේ දැවැන්ත අධිවේගී මාර්ග කොන්ත්‍රාත්තු ද ?

අධිවේගී මාර්ග රටේ දියුණුවට අවශ්‍යයි.  නමුත් මෙය ද එයට අවස්ථාව ? ණය බර ගෙවාගන්න බැරිව බංකොලොත්භාවයේ කඩඉමට පැමිණිලා, විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලංකාවට ණය ගෙවීමට හැකියාවක් නෑ කියන මොහොතක, මෙවැනි අරමුදල් වියදම් කිරීම යුක්ති සහගත ද ?

Road deel''අධිවේගී මාර්ග රටේ දියුණුවට අවශ්‍යයි.  නමුත් මෙය ද එයට අවස්ථාව ? ණය බර ගෙවාගන්න බැරිව බංකොලොත්භාවයේ කඩඉමට පැමිණිලා,
විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ලංකාවට ණය ගෙවීමට හැකියාවක් නෑ කියන මොහොතක, මෙවැනි අරමුදල් වියදම් කිරීම යුක්ති සහගත ද ?''

 

රාජ්‍ය ඉදිකිරීම් දේශීය ඉදිකිරීම්කරුවන් වෙත ලබාදෙන බවට දුන් පොරොන්දුව චීනයට

ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් සඳහන් කළේ, මම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයෙන් වෙනස්. අපි මේ රටේ දේශීය කර්මාන්තකරුවන්ට සලකනව යනුවෙනි.

එම ප්‍රතිපත්ති ප්‍රකාශයේ 46 වන පිටුවේ රජයේ ඉදිකිරීම් සියල්ලම දේශීය ඉදිකිරීම්කරුවන් සඳහා වෙන්කරනු ලැබේ යනුවෙන් සඳහන් වේ.

එහෙම තිබියදී රටේ ජනතාවට දැවැත්ත දේශප්‍රේමී කතා පවත්වල, ජාතිමාමක කතා පවත්වල, දේශීය ඉදිකිරීම්කරුවන්ට රාජ්‍ය ඉදිකිරීම් සියල්ලම ලබාදෙනවයි කියල පොරොන්දුවෙලා, 69 ලක්ෂයක් ජනතාව ඒක විශ්වාස කරල තියෙන තත්ත්වයක විදේශීය සමාගම්වලින් අධික පොලියට ලබාගත්  ණයවලින් විදේශිකයන්ටම මේ කොන්ත්‍රාත් ලබාදීමට කටයුතු කරමින් සිටී. මෙය රටට කරන ලද මහා වංචාවක් නොවේද ?

යහපාලන ආණ්ඩුවේ යමු යමු ප්‍රශ්න තිබුණත් නුවර අධිවේගී මාර්ගයේ කොටස් ඉදිකරන්න අවස්ථාව ලබාදුන්නේ දේශීය කර්මාන්තකරුවන්ටයි. ඒ අනුව ලංකාවේ දේශීය ඉදිකිරීම්කරුවන්ට දැන් අධිවේගී මාර්ග ඉදිකිරීමේ හැකියාවක් තිබෙන අතර මනා ප්‍රමිතියක් ඇති බවද ඔප්පු වී හමාරය.

මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රාග්ධන වියදම්වලින් 45% කට ආසන්න ප්‍රමාණයක් වැය කලේ මහාමාර්ග සංවර්ධනය කිරීමටය. මේ සඳහා යහපාලන රජය ද දැවැන්ත ආයෝජනයක් සිදු කළහ.

අධ්‍යාපනය, සෞඛ්‍යය, රටේ වාරි කර්මාන්තය, රටක අද අත්‍යාවශ්‍ය කෘෂිකර්මාන්තය ඉහළ නංවන්න වැනි කිසි ක්ෂේත්‍රයක විධිමත් ආයෝජනයක් සිදු නොකොට දැනටමත් අති විශාල ආයෝජනයක් සිදු කර තිබෙන මහාමාර්ග සඳහාම මේ ආයෝජන සිදුකිරීම ප්‍රමුඛතා ක්‍රියාවක් ද යන්න ගැටළුවකි.

අද රට පෙළෙන ණය බර නිසා ආණ්ඩුවට වැය කරන්න පුළුවන් ප්‍රාග්ධන වියදම සීමා සහිතය. මේ තත්ත්වය තුළ නැවත වතාවක් රටේ ප්‍රාග්ධන වියදම් මහාමාර්ග සඳහාම වැය කළහොත් ඉදිරි අවුරුදු 10 තුළ වෙනත් කිසිදු සංවර්ධන කටයුත්තක් කරන්න බැරි තරමට ප්‍රාග්ධන උගුලක, ණය උගුලක රට හිරවීම සිදුවනු ඇත.

ඉදිරි කාලයේදී රුපියල අතිවිශාල ලෙස ඩොලරයට සාපේක්ෂව (අවුරුද්දට 8% ක පමණ වේගයකින්) අව ප්‍රමාණ වීමට නියමිතය.

 

අත්‍යාවශ්‍ය සේවා පසෙකලා මහාමාර්ග සංවර්ධනයටම මුදල් යොදවන්නේ ඇයි ?

මෙම අධිවේගී මාර්ග ව්‍යාපෘති වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබෙන සියලු ටෙන්ඩර් පටිපාටි ප්‍රසම්පාදන ක්‍රියාවලියට විරුද්ධය. කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කිසිම තරඟකාරී ටෙන්ඩර් කැඳවීමකින් තොරව, විවෘත භාවයකින් තොරව, විනිවිද භාවයකින් තොරව මේවා ලබාදී තිබේ.

ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර රටට ලබාදුන් පොරොන්දු , මහජන විශ්වාසය භයානක ලෙස කඩවෙමින් පවතී. සුදුකරපටි අපරාධකරුවන් රටේ ආර්ථිකය නැවත වතාවක් ගිල ගනිමින් සිටී.

කොළඹ සිට ත්‍රීකුණාමලයට පාරක් සකස් කර වැටක් ගැසීමට සූදානම් යහපාලන රජය සුදානම්  බව එකල පාරම් බෑවත්. අද කුරුණෑගල සිට දඹුල්ලට සකස් කරමින් සිටින්නේද එම මාර්ගයම බව තේරුම්ගත යුතුය.

MCC ගිවිසුමට විරුද්ධව රටේ ජනතාවගේ හැඟීම් අවුස්සපු බොරුකාරයෝ, වංචනිකයෝ එය වටහාගත යුතුය.

මේ කිසිවෙකුට ද්වේෂයෙන්, වෛරයෙන් කරන ප්‍රකාශයන් නොව, මේ රටේ ජනතාවට, මතු පරපුරට ආදරෙන්, රට වැටෙන්නට යන ආර්ථික අගාධයෙන් ගලවා ගැනීම සඳහා සිදුකළ යුතු දෙයකි.

''කොළඹ සිට ත්‍රීකුණාමලයට පාරක් සකස් කර වැටක් ගැසීමට සූදානම් යහපාලන රජය සුදානම්  බව එකල පාරම් බෑවත්. අද කුරුණෑගල සිට දඹුල්ලට සකස් කරමින් සිටින්නේද එම මාර්ගයම බව තේරුම්ගත යුතුය.  MCC ගිවිසුමට විරුද්ධව රටේ ජනතාවගේ හැඟීම් අවුස්සපු බොරුකාරයෝ, වංචනිකයෝ එය වටහාගත යුතුය.''

 

ජනාධිපති ඉදිරිපත් කළ ප්‍රතිපත්තියට සම්පූර්ණ පටහැනි ක්‍රියාවලියක් !

තමාගේ ප්‍රතිපත්තිවලට පිටින යන අය අයින් වන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දෙයි.  

ජනාධිපතිතුමාගෙන් පැහැදිළිව ඉල්ලා සිටින්නේ, ඔබතුමා ඉදිරිපත් කරනු ලැබූ ප්‍රතිපත්තියට සම්පූර්ණ පටහැනි ක්‍රියාවලියක් අද මාර්ග සංවර්ධන අධිකාරියෙත්, මහාමාර්ග දෙපාර්තමේන්තුවෙත් සිදුවන අතර ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙසයි.

ඒ සියල්ලටම වඩා මේ රටේ සියලුම ජනතාවගේ, අනාගත පරම්පරාවට සිදුවන මේ මහා ජාතික මංකොල්ලය, ජාතික අපරාධය නතර කර, කොවිඩ් මර්ධනය කරන්න, ජනතාවට සහන දෙන්න,  කටයුතු කරනා ලෙසයි.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්