ජුනි මස 20වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත්ව තිබෙන මූලික

අයිතිවාසිකම් පෙත්සම් හෙට (18) සලකා බැලීමට නියමිතව තිබේ.

එම පෙත්සම් හෙට සහ අනිද්දා (19) ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරුමඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතව ඇති අතර,  අගවිනිසුරු ජයන්ත ජයසූරිය, විනිසුරු මඩුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කරයි.  බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මලල්ගොඩ යන මහත්වරුන් සෙසු සාමාජිකයින් වේ.  

රංජිත් මද්දුම බණ්ඩාර, පාඨලි චම්පික රණවක, කුමාරවෙල්ගම, නීතීඥ චරිත ගුණවර්ධන ඇතුළු පෙත්සම්කරුවන් පිරිසක් නීතිපතිවරයා මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු පාර්ශව රැසක් වගඋත්තරකරුවන් කරමින් පෙත්සම් ඉදිරිපත් කරතිබුණි.  

එම පෙත්සම් සම්බන්ධයෙන් අතරමැදි පෙත්සම් 11ක් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබු බව වාර්තාවේ.

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු අමත්‍ය, ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ඇතුළු එම පක්ෂයේ නීතිඥයින් කිහිප දෙනෙකුද ආණ්ඩුවේ පාර්ශවයන්ට සහය දැක්වීමට නියමිතව ඇතැයි වාර්තාවේ.  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්