නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 10 දෙනෙක් අද (17) දින රාත්‍රී 8.30 වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.
අද දින වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර ලන්ඩනයේ සිට ඉකුත් දා මෙරටට පැමිණ සුපිරි හෝටලයක පවත්වා ගෙනයන නිරෝධායන මධ්‍යස්ථානයක සිටින පුද්ගලයින් දෙදනෙක් ද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කර සිටියි.
මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 970ක් වේ.
කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 423 දෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ පුද්ගලයින් ගණන 538 කි.
ඊයේ දිනයේ දී පමණක් සිදු කර ඇතැයි PCR පරීක්ෂණ සංඛ්‍යාව 1081 ක් බවද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.