කුවේට් රාජ්‍යයේ නීති විරෝධීව රැදී සිටි ශ්‍රී ලාංකිකයින් හාරසිය පනහකට ආසන්න පිරිසක් රැගෙන කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන් සේවයට අයත්

ගුවන් යානා දෙකක් (Boing  777-300 සහ Airbus  330-200) හෙට (මැයි 19) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

කොරෝනා වසංතයත් සමග මතුවූ අයහපත් තත්වය නිසා කුවේට් රජය විසින් පසුගිය මාසයේ පොදු සමාවක් ප්‍රකාශයට පත්කල අතර එසේ භාරවෙන අය වෙත නොමිලේ ගුවන් ටිකට් පත් හා අවශ්‍ය පහසුකම් ලබා දෙන බවද දැනුම් දී තිබිණ.

ඒ අනුව,  නීති විරෝධීව කුවේට් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය, කුවේට් රාජ්‍යයේ බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ බවත්, හෙට එම පිරිස පැමිණෙන්නේ දෙපාර්ශවයේ සාකච්ඡා වලදී ඇතිකරගත් එකගත්වය මත බවත් රජය පවසයි.

අනෙක් පිරිස් ද ඉදිරියේ දී ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ අමාත්‍යංශය කියා සිටියි.

 

රජයට බරපතල චෝදනා !

එහෙත් එරට සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයින් සමාජ මාධ්‍ය හරහා වාර්තා කර ඇත්තේ, ශ්‍රී ලංකා රජයෙන් නිසි වැඩපිලිවෙලක් සකස් නොකිරීම හේතුවෙන්, කුවේට් වල සිටින වලංගු වීසා බලපත් නොමැති බොහෝ දෙනෙකුට එම සහනය ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.

හෙට දිනයේ දිවයිනට පැමිණෙන සියලු දෙනා හට කුවේට් තානාපති කාර්යාලය හෝ ශ්‍රී ලංකා රජයේ කිසිදු සම්බන්ධතාවයක් නොමැති බවද එවැනි වාර්තා වල සඳහන් වේ.

කුවේට් රජය විසින් ලබාදුන් පොදු සමා කාලය තුල කුවේට් රජයට භාර වුණා මේ සියලුම දෙනා හට කුවේට් රජය විසින් සියලුම වියදම් දරන බවත් රැඳවුම් කඳවුරු තුළ සිටින කිසිවකු වෙනුවෙන් කුවේට් තානාපති කාර්යාලය හෝ ශ්‍රී  ලංකා රජයේ කිසිම වගකිවයුතු පුද්ගලයකු සම්බන්ධ වී නොමැති බව ද එවැනි වාර්තාවල පළවේ.

ශ්‍රී ලංකා රජය විසින් ලබාදී තිබෙන එකම වරප්‍රසාදය අදාල ගුවන්යානා වලට ශ්‍රී  ලංකාව තුළට ඇතුල්වීමට අවසරය ලබාදීම පමණක් බවද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.

එවැනි එක් වාර්තාවක මෙසේද සඳහන් වේ.

''ශ්‍රී ලංකා රජය සහ තානාපති  කාර්යාලය මැදිහත් විය යුතුව ඇත්තේ කුවේට්ය තුළ තමන්ගේ ගමන් බලපත්‍රය හෝ අනන්‍යතාවය තහවුරු කරගැනීම සඳහා ලබාදෙන තහවුරු කිරීමේ ලියවිල්ල temperi පාස්පෝට් එකක ලබාදීම හා  හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කිරීමයි.

''තුන්දාහකට අධික පිරිසක් මේ වන විට අසරණව ශ්‍රී ලංකාවට යෑම සඳහා අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන්න ලිපිය තානාපති කාර්යාලයෙන් ලබා නොදීම නිසා අසරණව සිටියි. ''

තුන්දාහකට අධික පිරිසක් මේ වන විට අසරණව ශ්‍රී ලංකාවට යෑම සඳහා අනන්‍යතාවය තහවුරු කර ගැනීමට අවශ්‍ය කරන්න ලිපිය තානාපති කාර්යාලයෙන් ලබා නොදීම නිසා අසරණව සිටියි.

කෙසේවුවද ආණ්ඩුවට පක්ෂපාති 'අද දෙරණ' නාලිකාව පවසන්නේ, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ උපදෙස් පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශ සභාපති කමල් රත්වත්තේ විසින් මෙම පිරිස කුවේට් ශ්‍රී ලංකා තානාධිපති කාර්යාලය හරහා දිවයිනට ගෙන්වා ගැනීමට පියවර ගෙන ඇති බවයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image