කොරෝනා වසංගතය  හමුවේ රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබදව සැබෑ  තොරතුරු ජනමාධ්‍ය විසින් ජනතාවගෙන්

 වසංකරන ආකාරය හිටපු අගමැතිවරයකු විසින් අනාවරණය කර තිබේ.

මධ්‍යසාර මිලදී ගැනීම සඳහා පෙළගැසී සිටින ජනතාව හුවා දක්වන ජනමාධ්‍ය බඩු උගස් කොට එදිනෙදා වෙලා සරි කරගැනීමට පෝලිම් ගැසී සිටින ජනතාව සම්බන්ධයෙන් වාර්තා නොකරන බවයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ.

"පසුගිය දිනවල රටබීම වෙළඳසැල් ඉදිරිපිට තිබුණු පෝලිම් ගැන මාධ්‍ය ප්‍රවෘත්ති මැව්වාට දිගම පෝලිම් තිබුණේ උගස් බඩු කඩ ඉදිරිපිට. ලොතරැයි පත් අළෙවිකරුවාගේ සිට ත්‍රිරෝද රියදුරා දක්වාත්, කම්කරුවාගේ සිට කලාකරුවා දක්වාත් දෛනික ආදායමෙන් යැපෙන අය ස්වයං රැකියා කරන අය අද අසරණ තත්වයට පත් වෙලා."

කොරෝනා වසංගතය පාලනය කිරීම සදහා රට පුරා පනවා තිබු ඇදිරිනීතිය ඉවත් කිරීමත් සමග කුස ගිනි නිවා ගැනීම සදහා  තමන් සතු රන් ආභරණ උකස් කිරීම සදහා රටේ ප්‍රදේශ ගණනාවකම ජනතාව උකස් මධ්‍යස්ථාන ඉදිරිපිට දිගු පොලීම් ගැසී සිටින අයුරු සමාජ මාධ්‍ය ඔස්සේද අනාවරණය කර තිබුනි.

lanka corona

 

රස්සා ලක්ෂ පහක් අවදානමේ :

වසංගත  තත්වය හමුවේ පුද්ගලික අංශයේ රැකියා ලක්ෂ පහක් පමණ අහිමි වන බවක් පෙනෙන්නට ඇති බව ද එක්සත් ජාතික පක්ෂ නායකයා අනතුරු අඟවා ඇත්තේ මැයි 17 වනදා විශේෂ ප්‍රකාශයක් කරමිනි.

කොරෝනා වංසගතය හේතුවෙන් ලෝක ආර්ථිකය සෘණ අගයක් ගන්නා විට ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා එහි බලපෑම ශ්‍රී ලංකාවට  වැඩි වශයෙන් දැනෙනු ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ එහිදී පෙන්වා දී තිබේ.

"ලෝක ආර්ථික වර්ධනය සියයට තුනක සෘණ  අගයක් ගන්නවා. ලංකාවේ තත්වයත් එසේමයි. ඇඟලුම් කර්මාන්ත වලින් ලැබෙන ආදායම සියයට 60 කින් පහත වැටෙනවා. සංචාරක කර්මාන්තයෙන් ආදායම් ලැබෙන්නේ නෑ. විදේශ රැකියා ආදායම සියයට 20 කින් අඩුවෙනවා. විදේශ විනිමය ආදායම හොඳටම පහත වැටෙනවා. අනික් අතින් රජයේ ආදායම් අඩු වෙලා. ඒ අතර ආණ්ඩුව විසින් ගත් යම් යම් ප්‍රතිපත්ති තීරණ නිසා රජයේ ආදායම් තවත් පහළ වැටෙමින් යනවා. මේ නිසා අපේ ආර්ථික වර්ධනය රින 3.5 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරනවා."

සිල්ලර වෙළදාම සහ ස්වදේශීය කර්මාන්ත ගණනාවක් තම තමන්ගේ නිෂ්පාදන සඳහා ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරන බැවින් ආනයනයට තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ  වැඩි දුරටත්  අවධාරණය කර තිබේ.

''සිල්ලර වෙළදාම සහ ස්වදේශීය කර්මාන්ත ගණනාවක් තම තමන්ගේ නිෂ්පාදන සඳහා ආනයනික අමුද්‍රව්‍ය පාවිච්චි කරන බැවින් ආනයනයට තහංචි පැනවීම රටේ ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇති බව එජාප නායක රනිල් වික්‍රමසිංහ  වැඩි දුරටත්  අවධාරණය කර තිබේ.''

 

බිලියන දෙසීයක මුදල් අච්චු ගසා වෙළඳපොළට නිකුත් කරලා !

රටේ පවතින වසංගත තත්ත්වය හා දේශපාලන අර්බුදය මැද රුපියල් බිලියන දෙසීයක මුදල් අච්චු ගසා වෙළඳපොළට නිකුත් කර ඇති බවට ආණ්ඩුවට චෝදනා නගන හිටපු අගමැතිවරයා, ආර්ථික වර්ධනය සෘණ අගයක ඇති අවස්ථාවක එයින් අහිතකර ප්‍රතිළුල ඇති විය හැකි බවට අනතුරු ඇගවීමක්ද සිදු කර තිබේ.

පැලැස්තර විසඳුම් මගින් අර්බුදය තව තවත් මෝරනවා විනා  ලිහිල් නොවන බව පෙන්වා දෙන හිටපු අගමැතිවරයා,  ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ඇති දේශීය ක්ෂේත්‍ර ආරක්ෂා කර ගැනීම වැදගත් බව සමාජ මාධය ඔස්සේ නිකුත් කෙරුනු  විශේෂ ප්‍රකාශය මගින්  වැඩි දුරටත් රජයට යෝජනා කර තිබේ.

වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳවත්, අනාගත ආර්ථික අභියෝග ජයගැනීම පිළිබඳවත් නිවැරදි තක්සේරුවක් සිදු කර සැලසුම් වාර්තාවක් සකස් කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින රනිල් වික්‍රමසිංහ එම සැලසුම අනුව දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් දියත් කිරීමෙන් ආර්ථික ක්ෂේත්‍රයන් සේම රැකියා ද ආරක්ෂා කරගෙන රට  ඉහලට ඔසවා තැබීමට හැකි වනු ඇති බවට විශ්වසාය පළ කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්