ඉදිරි මහ මැතිවරණය සඳහා සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත්  'සමගි ජන බලවේගය' විසින් ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර අහෝසි කරන ලෙස

මැතිවරණ කොමිසමට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම‍ මේ මස 22 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සම එස්.තුරෙයිරාජා, මුර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් යුත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (18) කැඳවනු ලැබුවේය.

කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු වන ඕෂල හේරත් විසින් ගොනු කළ මෙම පෙත්සම  කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරු හෝ පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥවරයෙකු පෙනී නොසිටියේ ය.

 

පෙත්සම්කරු හෝ පෙත්සම්කරුගේ නීතීඥයා උසාවියට ඇවිත් නැහැ!

එහිදී වගඋත්තරකාර සමගි ජන බලවේගයේ නායක හා හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එහි මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ නියෝජනයක් නොමැති බැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙසයි.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ⁣ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම ලබන 22 වැනිදාට කල් තැබීය.

 

උසාවි නොගිය ඕෂල හේරත් කියන කතාව : 'ඩිල් එකක්' නෙමෙයි

Oshala herathඅදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් සිය FB පිටුවේ ඊයේ (මැයි 18) රාත්‍රී සටහනක් පළකර ඇති ඕෂල හේරත් මෙසේ සඳහන් කර තිබේ.

''මාර්තු මාසේ ගොනු කරපු නඩුව කොරෝනා නිසා මාස දෙකක් විතර දින නියම කරන ගැනීමට නොහැකිව තිබුණා. මගේ නීතිඥ මහතා ගිය සතියේ 18, 22, 28 යන දිනයන් නඩුව කැදවන ලෙස ඉල්ලා මෝසමක් දැම්මා. අද දිනට සලකා බලන නඩු වල අංක ප්‍රකාශයට ලක්කරන ලයිස්තුවේ මෙම නඩුවේ අංකය වන SC Write 01 /2020 තිබුනේ නෑ කියලා මට මගේ නීතිඥ මහතා දැනුම් දී තිබුණා.

මගේ නීතිඥ මහතා පවසන පරිදි මගේ නඩුව අද උදේ විවෘත අධිකරණයේ කැදවන ලෙස සටහනක් දාලා කැඳවීමක් කරලා තිබුණා.

පාර්ලිමේතුව විසුරුවා හැර ජන්ද ප්‍රකාශ කල මාර්තු මස ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස දාලා තියෙන නඩු විභාගය බලන්න මම උසාවි යන්න කැමැත්තෙන් හිටියත් ගියාට නීතිඥයින් හැර අන් අයට අධිකරණ භූමියට ඇතුළු වීමට අවසර නැති නිසා මම ගියේ නෑ.

 කොහොම උනත් මමත් මගේ නීතිඥ මහත්වරු උසාවියේ නොසිටීම නිසා සමගි ජන බලවෙගය වෙනුවෙන් පෙනී හිටි ජනාධිපති නීතිඥතුමා මගේ නඩුව විසි කරන ලෙස ඉල්ලීම් කලත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු තුමන්ලා නඩුව මම ඉල්ලපු ඊලග දිනය වන 22 කැඳවීමට තීරණය කරලා තිබුණා.

මැතිවරණ කොමිසමද ඔහුන්ටත් අද දින නඩුව කැඳවන බවට සැල නොවීම නිසා වෙන් දෝ අද උසාවි නොපැමිණීම ඊට තවත් හේතුවක් වෙන්න ඇති බව මම සිතනවා.

කොහොම උනත් නඩුව දැන් 22ක සිකුරාදා නැවත කැදවනවා.

 

''උසාවි වලට එන නඩු භාගයක් දිනන කොට තව භාගයක් පරදිනවා''

Court

උසාවි වලට එන නඩු භාගයක් දිනන කොට තව භාගයක් පරදිනවා. ඒ තමයි යථාර්තය. ඒ වගේම එම තීන්දු වලට අපි ගරු කරනවා. මගේ නඩුවේ අන්තර් ගතය ගැන එක කියවන ඔබට ද තක්සේරුවක් ගන්න පුළුවන්. එත් උසාවිය ඒ කරුණු දිහා බලන්නේ නීතිමය කෝණයකින්. ඒ නිසා නඩු දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්.

එත් අද නඩුව විසිවුණා නම් එය අකාලේ සිදුවන කාරණයක්. තවකෙනෙක් කියවී එය නොසැලකීමත් කම නිසා සිදුවූවක් කියලා. ඒ වගේම බහුතරයක් කියන්නට ඉඩ තිබ්බා මම ඩිල් එකක් දාලා නඩුවට ගියේ නෑ කියලා. කොහොම වුනත් මගේ පුර්වේ වාසනාවකට නඩුව විසිනොවී වෙනත් දිනයකට කල් ගියා.

 

''සිකුරාදා නඩුව දාවිඩ් සහ ගෝලයත් අතර සටනක්''

සමගි ජන බලවේගය වෙනුවෙන් අද පෙනී හිට තිබුනේ ලංකාවේ අංක එකේ නීතිඥවරයෙක් වන ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. මා වෙනුවෙන් පෙනී හිටින්නේ තරුණ නීතිඥ වරයෙක් වන නිරංජන් ද සිල්වා මහතායි. ඒ නිසා ලබන සිකුරාදා නඩුව දාවිඩ් සහ ගෝලයත් අතර සටනක්.

දාවිත් අතේ තියෙන කැටපෝලා මගේ මේ නඩුවේ අන්තර් ගතයයි. මම නීතිඥ තුමා තරුණ සහ ජනාධිපති නීතිඥයා රොමේෂ් ද සිල්වා තරම් ජේෂ්ඨ පලපුරුදක් ඇති කෙනෙක් නොවුනත් මගේ හිත පිරෙන්න තරම් දක්ෂයෙක්. ඒ නිසා ඔහු ඔහුගේ උපරිමයෙන් මේ නඩුවේ මා වෙනුවෙන් කටයුතු කරවී කියලා මට විශ්වාසයි.

එත් නීතියේ දෙවගන ඇස බැද ඇති නිසාත් අධිකරණය තුල යුක්තිය ඉෂ්ඨ වෙන්නේ නෛතික පදනමක් නිසාත් මේ නඩුවේ දිනුම පැරදුම ගැන මට පේන කියන්න බෑ. නමුත් මට එකක් කියන්න පුළුවන් මේ නඩුවේ තතු කියවන ඕනෙම කෙනෙක් පිළිගනීවි හෘදසාක්ෂියට අනුව ජනාතා අධිකරණය තුල නම් මේ නඩුව ගොනු කරන මම හරි කියලා.

 

මේ නඩුව හිටපු මන්ත්‍රීවරු 80ක ගේ පමණ ඉරණම තීරණය කරන නඩුවක් :

මට ඇත්තටම පහුගිය දවස් ටිකේ මේ නඩුවෙන් මගේ අවදානයත් ගිලිහුනා. මට මේ ගැන කිසිම විමසීමක් සති අන්තය මගේ නීතිඥ වරුන්ගෙන් කරන්න බැරි වුනා. එකට හේතුව මම මගේ කාලයෙන් වැඩි කොටසක් ගත කලේ රාජිත ඇමතිවරයාගේ නඩු කටයුතු සදහා සහය වෙන්න. ඒ අභියාචනා නඩුව අභියාචනා අධිකරණය තුල හෙට කැදවනවා. හෙට එතුමාට සාධාරණයක් වේවි කියා මම ප්‍රර්ථන කරනවා.

සමගි ජන බලවේගය ගැන මගේ ස්ථාවරයවත් මම කරන් යන නඩු කටයුතේ වත් කිසිම වෙනසක් නෑ. ඒ කටයුතු ඒඅකාර්යනෙම කරගෙන ගිහින් ගරු අධිකරණයේ ඒ පිළිබද හොද තීරණයක් ලැබේවි යන අපේක්ෂාවෙන් සිටිනවා.

''මම නඩුව දිනත් ඒ තුලින් ගොඩ නැගෙන රටේ දේශපාලන අනාගතය සහ යම් හෙයකින් නෛතික තර්කයක් හෝ තාක්ෂණික හේතුවක් නිසා මේ නඩුව පැරදුනොත් ඒ තුලින් ගොඩ නැගෙන මේ රටේ දේශපාලන අනාගතයද වෙනස්ම එකක් වේවි. මොකද මේ නඩුව ගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී වරු 80ක ගේ පමණ ඉරණම තීරණය කරන නඩුවක් වන නිසා.''

මම මේ ගොනු කරලා තියෙන මේ නඩුව තුල මා එලිදක්වන කරුණු මට පමණක් නොව මේ රටේ සියලු ජනතාවට බලපානවා. මම නඩුව දිනත් ඒ තුලින් ගොඩ නැගෙන රටේ දේශපාලන අනාගතය සහ යම් හෙයකින් නෛතික තර්කයක් හෝ තාක්ෂණික හේතුවක් නිසා මේ නඩුව පැරදුනොත් ඒ තුලින් ගොඩ නැගෙන මේ රටේ දේශපාලන අනාගතයද වෙනස්ම එකක් වේවි. මොකද මේ නඩුව ගිය පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රී වරු 80ක ගේ පමණ ඉරණම තීරණය කරන නඩුවක් වන නිසා.

මම ඇදහිල්ලෙන් කතෝලිකයෙක්. මම විශ්වාස කරන දෙවියන් ගෙන් මම හැම විටම ඉල්ලන්නේ ජයග්‍රහණය නොවේ. මම ඉල්ලන්නේ මම ගන්න තීරණය හරි නම් ජග්‍රහණයත් වැරදි නම් පරාජයත් යන දෙයයි. ජයග්‍රහණ තුලින් පරාජය ලබන සහ පරාජය තුලින් ජයග්‍රහණ ලැබෙන අවස්ථා තිබෙන බව මම ජිවිත අත්දැකීමෙන් දන්නවා. ඒ නිසා මා බලාපොරොත්තුව හරි දේ සිදු විය යුතුව යන්න පමණයි.

මම නඩුව ගැන කිසිත් මතයක් මෙතෙක් නොකියා සිටියත් අද මේ ටික කියන්නේ ගොඩක් අයගේ (මගේ අහපු සහ නොහපු) හිත්වල තියෙන සැකයන්ට පිළිතුරුක් ලබා දෙන්නයි.''

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්