නැගෙනහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල අධ්‍යාන කාර්යාල කොවිඞ්-19 අරමුදලට ලබාදීම සදහා ගුරු සහ විදුහල්පතිවරුන්ගේ

දිනක වැටුප කැපීමට තීරණය කර ඇති බවත්, ඒ සඳහා කැමැත්ත පළ කරන ලෙස විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට දැනුම් දී ඇති බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසයි.

දිනෙක වැටුප් කපා හැරීමට කැමැත්ත ඉල්ලා ඇති නමුත් විවිධ ස්ථානවලින් වාර්තා වෙන්නේ කැමැත්ත නොවිමසා ම දිනෙක වැටුප් කපා හරින බවට ඔහු චෝදනා කරයි.

සබරගමුව පළාතේ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුවද කොවිඞ් 19 අරමුදලට රුපියල් මිලියනයක් පරිත්‍යාග කර තිබුණු නමුත් තම බලය අවභාවිත කරමින් ගුරුවරුන්ගේ ජුනි මාසයේ දිනෙක වැටුප් කපා හරින ලෙස නියෝග කර ඇති බවත් කිසිදු ගුරුවරයෙකුගෙන් කැමැත්ත ඉල්ලා නැති බවත් ජෝසෆ් ස්ටාලින් කියා සිටියේය.

 

ජනාධිපති වගේ පඩිය දීලා කන්නෙ පස්ද? – සංජීව බණ්ඩාර

Sanjeewa Bandaraමේ අතර ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම්, සංජීව බණ්ඩාර පවසන්නේ, ජනාධිපති ගෝඨාභය විසින් වසංගත තත්වය හමුවේ වැටුප් පරිත්‍යාගකර ඇතත් රාජ්‍ය සේවකයන් ඒවැනි වැටුප් පරිත්‍යාගයක් කළහොත් ඔවුන්ට සිදුවන්නේ පොළොවේ පස් කෑමට බවයි.

ජනාධිපතිවරයට වසර 10 ක 15ක වැටුප් පරිත්‍යාග කළ හැකි වුවත් රාජ්‍ය සේවකයන්ට දිනක වැටුප හෝ පරිත්‍යාග කිරීමේ ආර්ථික මට්ටමක නැති බව ඔහු කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩි දුරටත් මෙසේද පැවසිය.

''ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර රාජ්‍ය සේවකයන්ගෙන් වැටුප ඉල්ලපු වෙලාවේ මැති ඇමතිවරු කිව්වෙ එක ජනාධිපති ලේකම්කොවරයාගේ පෞද්ගලික ආයාචනයක් කියලා. ඒත් සබරගමුව පළාත් සභාවේ සේවකයන්ට ඔවුන්ගේ දිනක වැටුප පළාත් සභාවට ලබාදෙන්න කියලා නියෝග කරනවා. රට පුරා රාජ්‍ය සේවකයන්ගේ වැටුප කොල්ලකන වැඩපිළිවෙලක් ක්‍රියත්මක වෙනවා.

 පාසල් මට්ටමින් විදුහල්පතිවරුන්ට බලපෑම් කරලා ගුරුවරුන්ගේ වැටුප් ලබා ගැනීමට උත්සාහ කරනවා. අද කොරෝනා වසංගතය නමින් වැටුප් ලබාගෙන හෙට දිනයේ එන සෑම ව්‍යසනයක් අවස්ථාවේම රාජ්‍ය සේවකයන්ගේ වැටුපට අත තියන්න නියමිතයි.

ආණ්ඩුව ආර්ථික අර්බුදයක ඉන්නවනම් එකට වගකියන්න ඕනා මේ රටේ සාමාන්‍ය ජනතාව නෙමෙයි. ආර්ථිකය වැටීමට හේතුව ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති නිසා.

පෞද්ගලික අංශයත් කියමින් ඉන්නවා තමන්ගේ ව්‍යාපාරවලට හානි වෙලා නිසා වැටුප් ගෙවන්න බැහැ කියලා. පෞද්ගලික සමාගම් කම්කරු ඇමතිවරයාත් එක සාකච්ඡා කරලා රු 14500ක් ලබාදෙන්න පොරොන්දු වුවත් ලබාදෙන්නෙ රු 6000ක් 7000ක් වගේ මුදලක්.

ධන කුවේරයන්ට ණය සහන ලබදෙනකොට රාජ්‍ය සේවකයන්ට ණය සහනයක් ලබාගන්න අවස්ථා කිහිපයක් ඉල්ලන වුණා. එය ලබාදෙන්නෙත් ලක්ෂ 10ට අඩු ණය මුදල් සඳහා පමණයි.

අපි දැක්කා වසංගතය නොතකා රු 5000 ගන්න මිනිස්සු පොර කෑවා. ඒක තමයි මේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය.''

 

මහා භාණ්ඩාගාරයේ නිළධාරීන් මැයි මස වැටුප දෙයි !

කොරෝනා වසංගතයත් සමග රජයේ විදේශ ආදායම් මාර්ග මෙන්ම දේශීය ආදායම් මාර්ග අවහිර වී ඇති වාතාවරණය හේතුවෙන් ආර්ථික පීඩනය කළමනාකරණය කර ගැනීම සඳහා වැටුපෙන් කොටසක් හෝ පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර රාජ්‍ය සේවකයින්ගෙන් ඉකුත් දා ඉල්ලීමක් කර තිබිණ.

එම ඉල්ලීමට ගරු කරමින් මුදල් අමාත්‍යංශය ප්‍රමුඛ මහා භාණ්ඩාගාරයේ කාර්යය මණ්ඩලය සිය මැයි මස වැටුපෙන් කොටසක් වැන්දඹු, අනත්දරු අරමුදලට පරිත්‍යාග කර ඇත.

ඒ අනුව මහා භාණ්ඩාගාර ලේකම්වරයාගේ මැයි මස වැටුපෙන් සියයට 50 ක්ද, තවත් බහුතර නිලධාරීන් පිරිසක් එම වැටුපෙන් සියයට 25 ක් සහ සියයට 10 බැගින් ද, අනෙකුත් කාර්යය මණ්ඩල සාමාජිකයින් සිය ස්වකීය කැමැත්ත මත දිනක වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කර තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්