බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ලබාදුන් වැරදි තොරතුරක් මත පදනම් වී නව ක්‍රිකට් පිටිය සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් සභාව විසින්

ප්‍රදානයක් ලබාදී ඇති බවට තමා  විසින් වැරදි ප්‍රකාශයක් කිරීම ගැන කනගාටුව පලකරන බව පිවිතුරු හෙළ උරුමය නායක, නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු එබව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

pila post

 

ගම්මන්පිල මාධ්‍ය හමුවේදී කියපු කතාව : ''මෙතන එහෙම දෙයක් නෑ''

ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන පිවිතුරු හෙළ උරුමයේ නායකයාට එසේ කණගාටුව පළකරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කිරීමට සිදුව ඇත්තේ, ඔහු විසින් මාධ්‍ය හමුවක දී හෝමාගම ක්‍රිකට් පිටිය සම්බන්ධයෙන් කර තිබු ප්‍රකාශයක් හේතුවෙනි.

 ''හෝමාගම ක්‍රිකට් පිටියක් හදන්න කටයුතු කරනවා නේද ? දැන් මේවා ඔබතුමන්ලා අනුමත කරනවද ? ඇත්තටම මේවා මේ වෙලාවේ අවශ්‍ය ද ?'' කියා එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසා සිටි අවස්ථාවේදී ගම්මන්පිල පැවසුයේ, ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදි බවත්, එහෙත් එවැන්නක් මෙතන සිදුව නොමැතිබවත් ය.

එහිදී ඔහු තවදුරටත් මෙසේ පැවසිය.

''ඇත්තටම මේ පැහැදිලි නොවීම තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මීට වසර හතරකට කලින් ජාත්‍යන්තර ක්‍රිකට් සභාව නැත්නම් ICC ආයතනය ශ්‍රී ලංකාවට වෙන් කලා ඩොලර් මිලියන 30ක් අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන්. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර මට්ටමේ ‍ක්‍රිකට් ක්‍රීඩාංගනයක් ඉදිකිරීමට.

ඒ සල්ලි වලින් ජනතාවට සහන දෙන්නවත් කොවිඩ් 19 මර්ධනය කරන්න අවශ්‍ය උපකරණ මිලදී ගන්නවත් නැත්තං ආර්ථිකය යළි පණ ගැන්වීමට වත් යොදාගන්න බැ. ජාත්‍යන්තරය ක්‍රිකට් සභාව සල්ලි දෙන්නෙ ක්‍රිකට් ක්‍රීඩාංගණය හදන්න සහ ක්‍රිකට් දියුණු කරන්න පමණයි. එතැන ලංකා ආණ්ඩුවේ සල්ලි සතයක්වත් නැ. ඒ සල්ලි අපි පාවිච්චි නොකළොත් වෙන රටකට දෙනවා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදාගන්න. සම්පූර්ණ වියදම දරන්නේ ICC ආයතනය.

ඒ වගේම ශ්‍රී ලංකා ආණ්ඩුව මුදල් යොදවන්නේ නැ. ඒ දෙන මුදල කොවිඩ් 19 මර්දන කටයුතු වලට භාවිතා කරන්නත් බැහැ.

මේ වෙලාවේ කොවිඩ් 19 වසංගත තත්වය නිසා ඒක මර්දනය සඳහා ජනතාවට පටි තද කර ගෙන අරමුදල් දෙන්න කියද්දි ආණ්ඩුවේ සල්ලි යොදවලා ක්‍රිකට් ක්‍රීඩාංගනයක් හදන්න යනවනම් ඒක අතිශයින්ම වැරදියි. එහෙම කරනවා නම් ඒක වැරදියි කියන තැන අපිත් ඉන්නවා. නමුත් මෙතන එහෙම දෙයක් නෑ.''

 

'මොකක් හරි මොලේ අමාරුවකට කිව්ව කතාවක් ද දන්නේ නැහැ' -මහින්දානන්දටත් සැකයක් !

අමෙරිකානු ඩොලර් මිලියන 40ක් වැය කරමින් හෝමාගම දියගම අලුතින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන බවට ඇමති බන්දුල ගුණවර්ධන විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ක්‍රීඩා ඇමතිවරයකු වන මහින්දානන්ද අලුත්ගමගේ පැවසුයේ,  ''මොකක් හරි මොලේ අමාරුවකට කිව්ව කතාවක් ද දන්නේ නැහැ'' යයි කියාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අතිශයින් සමීප දේශපාලනඥයකු වන මහින්දානන්ද අලුත්ගමගේ එබව සඳහන් කර සිටියේ, SLTOP TUBE සමාජ මාධ්‍ය නාලිකාවේ 'මේ කව්ද මොනවද කරන්නේ' සංවාදශීලි දේශපාලන වැඩසටහනේ දිය.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්