මේ වනවිට පරිසරවේදීන්ගේ විරෝධයට හේතු වී ඇති ගල්කිස්ස වෙරල පිරවීමේ අරමුන මෙගාපොලිස් සැලැස්මට අනුව,

වෙරළ නගරයක් ඉදිකිරීම බවට කරුනු අනාවරණය වී ඇතැයි lankaviews.com වාර්තා කරයි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩුව සමයේ ආරම්භ කළ මෙගාපොලිස් ව්‍යාපෘතිය ඉන් බොහෝ කාලයකට පෙරාතුව සැලසුම්කරන ලද්දක් බව ද එම පුවත් වෙබ් අඩවියේ සඳහන් වේ.

එහි පුවත් වාර්තාවේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

''එම සැලැස්ම අනුව, කලුතර කැලිඩෝ වෙරළ, අඟුලාන සහ ගල්කිස්ස වෙරළ සම්බන්ධ කරගෙන වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති ලෙස මෙවැනි වෙරල නාගරිකයන් නිර්මාණය කෙරෙන්නේ සංචාරක ව්‍යාපාරය හරහා අධික ආදායම් ලබන වැඩපිළිවෙළකටය.

ඒ අනුව, කොළඹ නගරයේ වෙනස්කම් රාශියක් සැලසුම්කර ඇත. ඒහිදී ගල්කිස්ස සහ කොළඹ වරාය නගරය අතර නව නාගරික ජනපදයක ඉදිකිරීම පිණිස වෙරල පිරවීමට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කළ බවද පසුගිය යහපාලන සමයේදී චම්පික රණවක ඇමතිවරයා විසින් මෙගාපොලිස් ව්‍යාපෘතිය ඉදිරියට ගැනීමේදී ඒසඳහා කටයුතු සූදානම් කළ බවද අනාවරණය විය.

Near Mount Lavinia Hotel

වෙරළ සංරක්ෂන නීතිවලට අනුව, මෙවැනි සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා පාරිසරික බලපෑම් තක්සේරුවක් අවශ්‍ය වුවද මේ දක්වා ඒවැනි පාරිසරික බලපෑම් තක්සේරුවක් සිදුකර නැත.

වත්මන් ආණ්ඩුවේ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අභිමතය පරිදි මෙම කටයුතු ආරම්භකර ඇති බවද දැනගන්නට ඇත.

දෙහිවල ඇළ සහ කොල්ලූපිටිය අතර ප්‍රදේශයේ වෙරළ තීරයක් ගොඩකරමින් වෙරළ නගරයක් ඉදිකිරීමට මෙගාපොලිස් සැලැස්ම යටතේ ව්‍යාපෘතියක් තිබේ. එය කොළඹ වරාය නගරය මෙන් ව්‍යාපාරික ව්‍යාපෘතියකි.'' (උපුටා ගැනීම අවසන්)

කොරෝනා ඇඳිරි නීතිය කාලයේ දී සියලු දෙනා නිවෙස්වලට වී සිටිය දී කඩිමුඩියේම ගල්කිස්ස සහ කොළඹ වරාය නගරය අතර 'මෙරින් ඩ්‍රයිව්' (Marine drive) මාර්ගය ද පුළුල් කරමින් විදෙස් සමාගමක් විසින් වෙරළ පිරවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධාකාරයෙන් සැක මතුකර තිබිණ.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති ද පැවසුයේ, මෙම ව්‍යාපෘතිය වත්මන් රජයේ කැබිනට් අනුමැතිය යටතේ සිදුකළ ව්‍යාපෘතියක් බවයි.

පරිසර හා වනජීවී අමාත්‍යංශය හා පරිසර අමාත්‍යංශය ඒකාබද්ධව ඉදිරිපත් කළ මෙම කෘතීම වැලි පෝෂණ ව්‍යාපෘතිය 2020 ජනවාරි 20ද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

 

subscribeYT

නවතම පුවත්

ඇට මැස්සා