වත්මන් ආණ්ඩුවේ ඇතැම් ක්‍රියාමාර්ගවලට අවනත නොවීම හේතුවෙන් මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ට එරෙහිව සැලසුම් සහගත බලපෑමක් එල්ලවෙමින් පවති.

ඔහුට හා ඔහුගේ දියණියට අපහාසවන ආකාරයෙන් ආණ්ඩුවට පක්ෂපාති සමාජ මාධ්‍යවලින් බරපතල විරෝධයක් මතුකරමින් සිටින්නේ ද එම සැලසුමේ ම කොටසක් ලෙසය.

රත්නජීවන් හූල් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට එම වැලැක්වීම ද එම සැලැස්මේ ම කොටසක් බව පෙනේ. 

තමා මැතිවරණ කොමිසමට නොගියොත් එහි ගණපුර්ණය නොමැතිකමින් රැස්වීම් පැවත්විය නොහැකි බවත් එහෙත් කොමිසමට යෑම ගැන බොහෝ අය අකමැති බවත් මහාචාර්ය හූල් කියා සිටියි.

මේවනවිට මැතිවරණ කොමසාරිස් කාර්යාලය විසින් මහාචාර්ය හූල්ට දැනුම් දී ඇත්තේ, මැතිවරණ කොමිසමේ රැස්වීමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සහභාගී වන ලෙසයි.

''මාව නිරෝධායනයට ලක් කිරීමට උත්සහ කළා''

 පෙරේදා තම දියණිය සමග මැතිවරණ කොමිසමට ගිය අවස්ථාවේ එහි සිටි ඇතැමුන්ගේ විරෝධතාවය හේතුවෙන් පිටවයාමට සිදුවීම සම්බන්ධයෙන් විමසු අවස්ථාවේදී මහාචාර්ය හූල් මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

 ''මාගේ දියණිය එංගලන්තයේ සිට මේ මාසේ (මැයි)  04 වනදා ලංකාවට ඇවිත් 18 වනදා දක්වා මීගමුවේ ජෙට්විං හෝටලයේ නිරෝධායතන ආයතනයේ දී නිරෝධායනයට ලක්වුනා.  කොරෝනා පී සී ආර් පරීක්ෂණයෙන් පසුව නිරෝධායනය අවසන් කළ බවට සහතිකයක් ද ලබා දී තියනවා. 

 20 වනදා මැතිවරණ කොමිසමේ සාකච්ජාවක් පැවති නිසා යාපනයට නොහැකිව සිටි දියණිය ද කැටුව 19 වෙනිදා  මැතිවරණ කාර්යාලයට ගියා. එවිට මාගේ දියණිය නිරෝධායනය අවසන් නොකර ඇවිත් ඇතැයි ප්‍රචාරයක් පතුරුවා ඇති හෙයින් කොමිසමේ සභාපතිතුමා, මාගේ රියදුරා නිරෝධානයට ලක් කල යුතු යැයි කී නිසා එදිනම යාපනය බලා පිටත් වුනා. 

 යාපනයට එන අතරමගදී වෙනදා කිසිවිටෙක සිදු නොවූ අයුරින්  මාගේ වාහනය බොහෝ ස්ථානවල පරීක්ෂාවට ලක් කළා. වාහනයේ අංකය සමගින් සියලු තැන්වලට තොරතුරු ලබා දී ඇති බවත් ඒ පිළිබඳ ලිඛිත විස්තරත් පෙන්වමින් වාහනය හරස් කර සියලු තැන්වල වාහනය පරීක්ෂාවට ලක්කලා. මේ වනතෙක් කිසි දා මාගේ වාහනය අතරමග දී මෙහෙම පරීක්ෂා කර නැහැ..

 ඒවගේම ඊයේ (20) අළුයම යාපනයේ මාගේ නිවසට පැමිණි පොලිසිය මාව නිරෝධායනයට ලක් කිරීමට උත්සහ කළා. එත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා එසේ කිරීමට අවශ්‍යතාවයක් නැතැයි කිවා. 

ඊට පස්සේ මාගේ රියදුරාව අරගෙන ගිහින් මම ආ ගිය තැන් පිළිබඳව තොරතුරු විමසලා තියනවා. රියදුරාගෙන් ඇසූ ප්‍රශ්න මාගෙන් ඇහුවා නම් එය ට පිළිතුරු දිය හැකිව තිබුනා. ''

'කැත වැඩ මහින්ද දේශප්‍රිය මේව' -'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ Uvindu Kurukulasuriya 2020

මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල්ට සිදු කෙරෙන කෙනෙහිලිකම් සම්බන්ධයෙන් සිය FB පිටුවේ සටහනක් පළකර ඇති 'කලම්බු ටෙලිග්‍රාෆ්' වෙබ් අඩවියේ කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය මෙවැනි සටහනක් පළකර ඇත.

''රත්නජීවන් හූල්ගෙ දුව කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙ ආචාර්ය උපාධිය හදාරන කෙනෙක්. එයා ලංකාවට ආවම රුපියල් 175,000ක් ගෙවල JetwingBlue එකේ නිරෝධායනය උනාට පස්සෙ ශවේන්ද්‍රයි අනිල් ජාසිංහයි අත්සන් කරල දුන්න සහතිකය තමා මේ දාල තියෙන පින්තූරය.

98593899 10157966331339818 1619486404721508352 n
 සඳුද තමා නිරෝධායන වැඩ අවසන් උනේ ඇයගෙ. දැන් ප්‍රශ්ණෙ අයිලන්ඩ් පත්තරේ නිවුස් එකක් යනව ඊයෙ, හූල්ගෙ දුව නිරෝධායනය උනේ නැහැ කියල හූල්ටයි, දුවටයි මැතිවරණ කොමිසම් භූමියෙන් එලියට යන්න කිව්ව කියල. ඒ වගේම ඒකෙ කියනව හූල්ගෙ දුව ගෙදර ඉඳන් නිරෝධායනය උනේ කියල. 

ඊට පස්සෙ වෙන දේ තමා වැදගත්. දේශප්‍රිය ඒ ගැන කිසි දෙයක් හූල් ගෙන් අහල නැහැ ඒ වෙලාවෙ. ඔෆිස් එකේ කට්ටියත් හූල්ව දැක්කම දුවනවලු. මේක තනිකර කැත වැඩක්. 

හූල්ටත් සති දෙකක් නිරෝධායනය වෙන්න කියල කොමිසමේ මීටින් කැන්සල් කරනව. මේක මැතිවරණ කොමිසමේ ඝණපූර්නය නැති කරන්න කරපු වැඩක්ද කියල හූල් ප්‍රශ්ණ කරනව. මේ හූල් අයිලන්ඩ් පත්තරේ කර්තෘ අපේ මිත්‍ර ප්‍රභාත් සහබන්ධුට යවපු උත්තරේ. 

Please refer to today' s Island:
 

My daughter underwent quarantine at  JetwingBlue and paid  Rs. 175,000 for it.   When she was released the army  after testing her gave her the attached certificate signed by Shavendra Silva and Jasinghe and never told her to self-quarantine. The certificate said that she "underwent the necessary quarantine process."

The Editor of the Island, Prabath Sahabandu never checked with me to verify that my daughter had not undergone quarantine. I hope he will issue a correction after portraying me as irresponsible.

 All the way to Jaffna from Puttalam and after I was stopped at every check point where they had my number plate with instructions to check our car. One policeman at Omanthai  apologetically told me he did not know what he was to check for.  Unlike the norm, they recorded the passing of our car at most check-points.

The chairman who never spoke to me on this later apologized and said it was a misunderstanding. However, on my way to lunch, I spoke to him and told him my daughter had paid Rs. 175,000 so he knew that she had been quarantined. But his PA telephoned me saying today's meeting "is going to be cancelled" and the driver and I needed to be quarantined for 2 weeks. Later the chairman said this was not necessary

When I returned from lunch, my office was empty, the few I met seemed ready to jump out of the second floor. My office had been sprayed and all doors left open. Except for one man, the rest were gone.  It was most embarrassing for me.

I returned to Jaffna promptly. I wonder if this is a ploy to sabotage election matters by forcing me into quarantine to break the 3-person quorum rule.

I thought it was a minor matter till I saw this morning's Island.

Jeevan

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්