කොවිඞ්-19 යැයි සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කළ කාන්තාවක් හෝමාගම ප්‍රදේශයේ තාවකාලික ලැගුම්හලකට
පැමිණීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි 'නෙත් නිව්ස්' වාර්තා කරයි.
ඒ, අදාළ කාන්තාව සමග තවත් පුද්ගලයෙකු මෙම ලැගුම්හලට පැමිණ ඇති අතර ඔහු රජයේ ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයෙකු බවට සැක කෙරේ.
කෙසේවෙතත් මෙම පුද්ගලයා ඊයේ (21) දිනයේ අදාළ ලැගුම් හලෙන් පිටව ගොස් ඇත. ඔහුගේ යැයි සැක කෙරෙන ගමන් මල්ලක තිබී හමුදා අංශයට සම්බන්ධ නිල ඇදුම් සොයාගත් බව පොලීසිය සදහන් කරයි. අදාළ පුද්ගලයා සොයා තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් 1990 ගිලන් රථයක් අමතා ඇය ඊයේ දිනයේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී තිබුණා. ඇය අලව්ව ප්‍රදේශයේ 45 හැවිරිදි කාන්තාවකි.
හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජගත් කුමාර පැවසුවේ මෙම කාන්තාව සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වාර්තාව අද (22) පෙරවරුවේ ලැබීමට නියමිත බවයි.
ලැගුම්හල් විවෘත කිරීම මේ වනවිටත් නීතියෙන් තහනම් බවත් මෙම ලැගුම්හල අදාළ කාන්තාවට විවෘත කර දී ඇත්තේ නීතිවිරෝධිව බවත් ඔහු සදහන් කළේය. එහි සේවය කළ තරුණයෙකු එම ස්ථානයේම නිරෝධායනය කිරීමට ද පියවර ගෙන ඇත.
ඩුබායි සිට පැමිණි 15 දෙනෙක්ට කොරෝනා
මේ අතර නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 1055 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව වාර්තාවේ.
මෙලෙස වාර්තා වූ රෝගීන් අතර 15 දෙනෙකු ඉකුත්දා ඩුබායි සිට මෙරටට පමණි පිරිස් වන අතර එක් අයෙක් කුවේටයේ සිට පැමිණි අයෙකි.
ඔවුන් සියලු දෙනා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධානයට ලක් කර සිටි පුද්ගලයන් වන අතර පී සී ආර් පරීක්ෂණවලට ලක්කිරීමේ දී ආසාදිතයින් බවට හඳුනාගෙන ඇත.
වැලිසර කඳවුරේ සිටි 2193 ක් නිරෝධායනයට
වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොවිඞ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ආසාදිත සෙබළුන් සමීපව ඇසුරු කළ කඳවුර තුළ රැදී සිටි නාවික හමුදා සාමාජිකයින් 2193 දෙනකු නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇතැයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ඊයේ (21) සවස පැවැති මාධ්‍ය හමුවකදී යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.
සෞඛ්‍ය අංශවල නිර්දේශයන්ට අනුව වයිරසය පැතිරීම පාලනය කිරීම සඳහා මෙම නාවික හමුදා සාමාජිකයින් ත්රීවිධ හමුදාව මඟින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත එලෙස යොමු කළ බව යුද හමුදාපතිවරයා කීය.
මේ වන විට නාවික හමුදාවේ සාමාජිකයින් 578 දෙනකු කොරෝනා වයිරසය ආසාදිතව ඇති අතර, එම සාමාජිකයින්ගෙන් 237 දෙනෙකු පී සී ආර් පරීක්ෂණවලට ලක්කර පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇති බවත්, නාවික හමුදා සාමාජිකයින් 341 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් යුද හමුදාපතිවරයා කීවේය.
ත්රීවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 40ක 4112 දෙනකු මේ වන විට නිරෝධායනය වෙමින් සිටින බව ද යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.