බන්දුල ගුණවර්ධන ඇමතිවරයා විසින් හෝමාගම මැතිවරණ කොට්ඨාශය තුල ඉදිකිරීමට උත්සාහ කළ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයට

ආණ්ඩුවේ ම ඇතැමුන් බරපතල විරෝධයක් මතු කරමින් ඔහුව හාස්‍යය ලක්කරමින් සිටින්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පොහොට්ටු පක්ෂයේ කොළඹ දිස්ත්‍රීක්කයේ මනාප පොරය ඊට හේතුවී ඇතැයි ද පැවසේ.

බන්දුල ගුණවර්ධනට එරෙහි ප්‍රහාරයේ ඉදිරියෙන්ම සිටින්නේ කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කරන උදය ගම්මන්පිලය. බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ පටලවා ගැනීම නිසා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල ජනතාව ඉදිරියේ සමාව ගනිමින් නිකුත් කල 'ට්විටර්' පණිවිඩය හරහා බන්දුල ගුනවර්ධන ඇමතිවරයාව හැල්ලු කිරීමට ද උත්සහ කර තිබිණ.

එසේම, විමල් විරවංශ අමාත්‍යවරයා විසින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ඔස්සේද බන්දුල ගුණවර්ධනට එරෙහිව බලවත් විරෝධයක් මතුකරමින් සිටිති. ඇමති විමල් විරවංශ ද මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ කොළඹ දිස්ත්‍රීක්කයෙනි.

 

ක්‍රිකට් ප්‍රවීනයෝ ඇමති බන්දුලට ආර්ථික විද්‍යාව උගන්වති

ආණ්ඩුව කොරෝනාවෙන් පසු නැවත නැගී සිටින්නේ ක්‍රිකට් පිත්ත අතතිවදැයි ජනතාව ප්‍රශ්න කරන අතරේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ප්‍රවීනයන් ද එම විරෝධතාකරුවන් අතර ඉදිරිපෙළ සිටීම විශේෂත්වයකි.

ඔවුන් විසින් අගමැති මහින්ද රාජපක්ෂ අභිමුව ඊයේ (මැයි 21) තම විරෝධය පළ කරමින් ක්‍රිකට් ක්‍රීඩාව සැබවින්ම නැංවීමට  අවශ්‍යනම් කළ යුත්තේ කුමක්දැයි මැනවින් පැහැදිලි කරදෙනු ලැබීය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්