පසුගිය යහපාලන රජය පත්වීමට පෙර රු. 300-350 අතර පැවති ෂීට් රබර් කි.ග්‍රෑම් 1 මිල මේ වන විට රු. 200-250 දක්වා පහත වැටී ඇත.

ඊට හේතුව ෂීට් රබර් ආනයනය 150% කින් ඉහළ යාම නිසා දේශීය රබර් වලට ඉල්ලුම අඩු වීමය.

මේ වන විට රටේ රබර් අවශ්‍යතාවයෙන් 75% ආනයනය කරන තත්වයක් උදාවී ඇති අතර එය 90% ඉහළ යනු ඇති බවට ක්ෂේත්‍රයේ විද්වත්හු පවසති.

කෙසේ වෙතත් වර්තමාන රජයේ ජනාධිපති ලේකම්වරයා විසින් 21/5/2020 දින රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට යවන ලද චක්‍ර ලේඛයේ 10 වැනි වගන්තිය අනුව සෙස් බදු රහිතව රබර් ආනයනයට ඉඩ ලැබෙනු ඇත.

එසේ වුවත් ආනයනික සමාගම්වල රබර් අවශ්‍යතාවයෙන් 50% ක් දේශීයව මිලදී ගත යුතු බවට සහ එම මිල විදේශීය මිලට වඩා 25% කින් වැඩි විය යුතු බවට නියමයක් පනවා ඇත. මෙම නියමය BOI ආයතනයේ අනුකම්පාවට යටත්වන බැවින් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීම සැක සහිත බව කියවේ.

(lankaleadnews.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්