පසුගිය දින 45ක කාලයක් තුළ වැලිකඩ බන්ධනාගාර බේකරිය තුළ දිනකට පාන් ගෙඩි 5000ක් නිෂ්පාදනය කොට

කොවිඩ් 19 වසංගතය නිසා පීඩාවට පත්ව සිටින අසරණ ජනතාව වෙත නොමිලේ බෙදා හැරීමේ ව්‍යාපෘතියක්  බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව ක්‍රියාත්මක කළ බව ඇවන්ගාඩ් (Avant Garde)  යතනය පවසයි.

ඇවන්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති පැවසුයේ, බන්ධනාගාර රැඳවියන්ගේ දායකත්වයෙන් සිදුකරනු ලබන මෙම නියමු ව්‍යාපෘතිය අතිශයින් සාර්ථක බවයි.

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහිකර සමාජගත කිරීමේ අරමුණින් ඇවන්ගාඩ් ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු වැඩසටහන් මාලාවට මේවනවිට රජයේ හා පෞද්ගලික දෙඅංශයේම සහය පලවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

'බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහිකර සමාජගත කිරීමේ ව්‍යාපෘතිය' නිර්මාණය කොට 2020 ජනවාරි මස 9 වන දින රජයට ඉදිරිපත් කළේ මේ රටේ අපරාධ මැඩලීමට සහ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කර දැමීමේ උදාරතර අරමුණින් බව නිශ්ශංක සේනාධිපති අවධාරණය කර සිටියේය.

මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ බන්ධනාගාර රැඳවියන්ට මනා වෘත්තීය පුහුණුවක් සහ විදේශ භාෂා ප්‍රවීණතාවක් ලබාදෙමින් දේශීයව සහ විදේශීයව පිළිගත් වෘත්තීය වේදියෙක් සමාජයට දායක කිරීමයි.

මෙම ව්‍යාපෘතිය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන අතර ඊට අදාළ කැබිනට් පත්‍රීකාව  2020 මැයි මස 13 වන දින කැබිනට් මණ්ඩලයේදී අනුමතවීම මෙම ව්‍යාපෘතියට ලැබුණු විශාල රුකුලක් බව නිශ්ශංක සේනාධිපති වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්