මැයි 26 අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වනුයේ දිනපතා රාත්‍රී 10.00 සිට
අලුයම 4.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය දැනුම් දෙයි.
ඒ අනුව මැයි 26 වන අඟහරුවාදා සිට, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයට අවසර ලැබේ.
හෙට (24) ඉරිදා සහ 25 සඳුදා දෙ දින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි.
ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළට !
අද (23) සවස 6.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එසේ හමුවේ ආසාදිතයින් ගෙන් 15 දෙනෙකු නාවික හමුදාවේ සාමාජිකයින් වන අතර දෙදෙනෙකු ඩුබායි සිට මෙරටට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි යයි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1085 ක් දක්වා ඉහළ ගොස් තිබේ.