මාධ්‍යවේදි ශාන්ත විජේසූරිය සහ බිරිඳ කැස්බෑව - බණ්ඩාරගම පාරේ මාකන්දන හන්දියේ නවතා ගෙන තිබු මෝටර් සයිකලයක සිටියදී

මැයි 20 දින රාත්‍රී 8.30 ට පමණ අනතුරකට ලක්ව ඇත. එහිදී අනතුර සිදුකර පළා යාමට තැත්කළ බීමත් පුද්ගලයකු ප්‍රදේශවාසින් විසින් පොලිසියට අල්ලා දී තිබේ.

 මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ශාන්ත විජේසුරිය සහ බිරිද කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කර ඇත.

 අනතුරින් ඔහුගේ පාදයේ අස්ථියක් බිඳී තිබීම නිසා රෝහලේ දී වහාම ශල්‍යකර්මයකට භාජනය කර තිබේ.

අනතුර සිදුකල පුද්ගලයා වැල්ලවත්ත ප්‍රදේශයේ බැංකුවක සේවය කරන අයකු වන ඔහුට ඇප ලබාගැනීමට හැකිව තිබේ.

(මූලාශ්‍රය -lankaviews.com)

Shantha Wijesooriya bike

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්