යක්කල 'එස්ක්වෙල් එවර්බෙස්ට්' ආයතනයේ සේවකයින් 450 ක් පමණ මැයි 20 දා සේවයට පැමිණ එහි ගේට්ටුව අසල පිට්ටනියට රැස් ව,

තමන්ව බලකිරීම් මගින් සේවයෙන් පහකිරීමට සමාගමේ පාලනාධිකාරිය දැරූ උත්සාහයට  විරෝධය පල කලහ.

කම්හල් පාලකයින් විරෝධතාව උග්‍රවෙතැයි යන බියෙන් ගම්පහ කම්කරු කාර්යාලයෙන් නිලධාරියෙකු එතැනට ගෙන්වා, කොරෝනා වසංගත තත්වය නිසා රැස්වීම් පැවැත්වීම සුදුසු නැතැයි පවසමින් කම්හල ඇතුලට යන ලෙස තමන්ට උපදෙස් දුන් බව සේවකයින් පැවසූහ.

සේවකයින්ගේ විරෝධයට හේතුව වී ඇත්තේ, කම්හල මුහුන දී ඇති මුදල් අර්බූදය නිසා, සේවකයින්ට මැයි මස සිට ගෙවීමට සිදු වන්නේ මූලික වැටුපෙන් අඩක් පමනක් බවත්, එම තත්වය තුල කැමති අයට ස්වෙච්ඡාවෙන් ඉල්ලා අස්විය හැකි බවත්, අනෙක් සේවකයින්ට ජාඇල ඒකල පිහිටි ශාඛාවට යා යුතු බවත් පාලනාධිකාරිය විසින් දැනුම් දී  තිබීමයි.

අප්‍රේල් මස 27 දා කම්හල යලි විවෘත කෙරුනු විට සේවකයින්ට දැනගන්ට ලැබී ඇත්තේ, සේවයේ නිරත 1,200 ක් වූ සියලුම කම්කරුවන් දොට්ට දැමීම සඳහා ඔවුන්ගේ සේවා කාලය අනුව වන්දි මුදල් සූදානම් කෙරෙමින් පැවති බවයි.

මාර්තු 20 සිට අප්‍රේල් 26 දක්වා රට අගුලු දැමීම හේතුවෙන්, මෙම කම්හල වසා දමා තිබූ කාලය තුලදී සමාගම විසින් මෙම වැඩ පිලිවෙල සූදානම් කරනු ලැබ තිබේ.

ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි රැකියා කප්පාදුව රුදුරුම ආකාරයෙන් සිදුවෙමින් පවතී. ඇඟලුම් නිශ්පාදන ක්ෂේත්‍රය ඒ අතරින් ප්‍රමුඛ වෙයි. එස්ක්වෙල් ලංකා යනු මෙම කප්පාදුව පලල්ව ක්‍රියාත්මක කරන ඇඟලුම් සමාගමකි.

පසුගිය අප්‍රේල් 27 දා නිවේදනයක් නිකුත් කරමින් එහි පාලනාධිකාරය කියා සිටියේ, කර්මාන්තශාලා වැසීම, සේවකයින් සංඛ්‍යාව අඩුකිරීම, වියදම් පාලනය කිරීම ඇතුලු පිලිවෙත් වහාම ක්‍රියාත්මක කරන බවයි. කොරෝනා වසංගතය නිසා ඇතිවී තිබෙන අර්බුදකාරී තත්වය හේතුවෙන් මෙම පිලිවෙත් ක්‍රියාවට දැමීමට සිදුවන බව පාලකයින් එම නිවේදනයේ සඳහන් කර ඇත.

 

නියමිත දුරස්ථභාවය පවත්වා ගත නොහැකි බව...

garment factory

වසංගත තත්වයට මුවාවී ආණ්ඩුවේ ද අනුමැතිය ඇතිව සේවකයින් කන්ඩායම් වශයෙන් කැඳවන්නේයයි සැල කරමින් යක්කල අවට පදිංචි සේවකයින් 600 ක් පමනක් අප්‍රේල් මස 27 දා කම්හලට කැඳවීමට පාලනාධිකාරිය කටයුතු කර තිබිණ.

කම්හල තුල මුහුනු ආවරන සහ සබන් වර්ග සපයා තිබුන ද යන්ත්‍ර සූත්‍ර පිහිටා ඇති සමීපභාවය හේතුවෙන් වසංගතයේදී පිලිපැදිය යුතු නියමිත දුරස්ථභාවය පවත්වා ගත නොහැකි බව සේවකයින් විසින්  'ලෝක සමාජවාදී වෙබ් අඩවියට ( wsws.org/si ) පවසා තිබිණ.

 

බස්වල ප්‍රමානය ඉක්මවා සේවකයින් ප්‍රවාහනය කිරීම:

පාලකයින් මේ සම්බන්ධයෙන් වංචනිකව කටයුතු කරන බව හෙලිවූ තවත් අවස්ථාවක් වූයේ එක් දිනෙක කම්හල් බස්වල ප්‍රමානය ඉක්මවා සේවකයින් ප්‍රවාහනය කිරීමයි. සේවකයකු විසින් මේ පිලිබඳව ගම්පහ මහජන සෞඛ්‍ය නිලධාරියාට වාර්තා කලවිට ඔහු පැමින කම්කරුවන් නිවෙස් වෙත යවා තිබිණ.

අනතුරුව සියලුම කම්කරුවන් කැඳවූ පාලනාධිකාරියේ බලධාරීන් සෞඛ්‍ය නිලධාරියාට පැමිනිලි කිරීම ගැන සේවකයින්ට තර්ජනය කර ඇත.

 

එස්ක්වෙල් බහු-ජාතික සමාගම ?

මෙම ඇඟලුම් කම්හල හොංකොන් මුලස්ථානය කරගත් එස්ක්වෙල් බහු-ජාතික සමාගමේ, එස්ක්වෙල් ලංකා ඇඟලුම් කම්හල් ජාලයේ ශාඛාවකි. වසරකට පෙරාතුව 'පොලිටෙක්ස් ගාමන්ට්ස්' යනුවෙන් හැඳින්වූ මෙම කම්හල විදේශ වෙලඳපොලට ටී-ෂර්ට් සහ සමාගමේ අනෙකුත් ශාඛාවලට කැපූ කොටස් නිපදවයි.

එස්ක්වෙල් සමාගම් සමූහය, චීනය, මැලේසියාව, වියට්නාමය, මොරිෂියස්, ජපානය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව සහ ශ්‍රී ලංකාව යන රටවල තම කම්හල් පවත්වාගෙන යයි. මෙම කම්හල්වල 50,000 ක සේවක බලකායක් සේවයේ යෙදී සිටින අතර ඒවායේ නිෂ්පාදන මූලික වශයෙන් ඇමරිකාවට සහ යුරෝපයට අපනයනය කෙරෙයි.

[මූලාශ්‍රය - wsws.org/si]

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්