බන්ධනාගාරගත රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් ලෙස සමාජගත කිරීම සඳහා ඇවන්ගාඞ් ආයතනය හා

එක්ව ක්‍රියාත්මක කරන වැඩසටහන යටතේ වෘත්තීන් කිහිපයක් සඳහා රැඳවියන් යොමු කරවීමට අවශ්‍ය කටයුතු දැනටමත් සූදානම් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන හා නිපුණතා සංවර්ධන) චන්දන ඒකනායක පැවසුවේ, ඒ යටතේ වරාය අධිකාරියට අවශ්‍ය බේකරි නිෂ්පාදන සැපයීමේ ගිවිසුමකට ඉදිරි සතියේදී එළඹෙන බවයි.

පුහුණු කරන ලද බන්ධනාගාර රැඳවූවන් ඉදිරියේදී ඉදි කිරීම් සමාගම්වල රැකියා සඳහා යොමු කිරීමට නියමිත බව ද බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක වැඩිදුරටත් සඳහන් කළේය.

 

 

පිළිගත් වෘත්තීය වේදියෙක් සමාජයට දායක කිරීම :

බන්ධනාගාර රැඳවියන් පුනරුත්ථාපනය කර රැකියා නියුක්තිකයන් බිහිකර සමාජගත කිරීමේ අරමුණින් ඇවන්ගාඩ් ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති වෘත්තීය පුහුණු වැඩසටහන් මාලාවට මේවනවිට රජයේ හා පෞද්ගලික දෙඅංශයේම සහය පලවී ඇත.

මෙම ව්‍යාපෘතියේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ බන්ධනාගාර රැඳවියන්ට මනා වෘත්තීය පුහුණුවක් සහ විදේශ භාෂා ප්‍රවීණතාවක් ලබාදෙමින් දේශීයව සහ විදේශීයව පිළිගත් වෘත්තීය වේදියෙක් සමාජයට දායක කිරීමයි.

මෙම ව්‍යාපෘතිය අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය සහ සහයෝගය යටතේ ක්‍රියාත්මක වන අතර ඊට අදාළ කැබිනට් පත්‍රීකාව  2020 මැයි මස 13 වන දින කැබිනට් මණ්ඩලයේදී අනුමතවී තිබේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්