මේ වන විට දහස් ගණනක් විදේශගත ලාංකිකයන් මෙරටට පැමිණීමේ අපේක්ෂාවෙන් ජනාධිපති ඇතුළු ආණ්ඩුවෙන් ඉල්ලීම්කර තිබියදී
ඔවුන් නොතකා හරින්නේ රෝහල් පහසුකම් ගැටලුව නිසා බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ පවසයි.
නව කොරෝනා වසංගත තත්වය යටතේ තීරණාත්මක සාධකයක් වන්නේ පරික්ෂණ සිදුකර ආසාදිතයන් හඳුනාගැනීම බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිරතුරුව පවසන අදහසකි. නමුත් ලංකාවේදී තීරණාත්මක සාධකය ලෙස රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව සීමා කිරීමට ආණ්ඩුවේ බලධාරින් සෞඛ්‍ය අංශවලට උපදෙස් දී ඇත.
මාස දෙකක පමණ කාලයක් මෙවැනි ඉල්ලීම් කළ මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවක දස දහස් ගණනක් ලාංකිකයන් කොරෝනා වසංගතයට බියෙන් ජීවිත අවදානමක සිටී. මේ වනවිට මැදපෙරදිග රටවල වසංගතය සීඝ්‍ර ව්‍යාප්තවීමක් දක්නට ඇත. කෙසේවෙතත් ඔවුන් මෙරටට ගෙන්වීම ආණ්ඩුවේ ප්‍රමුඛතාවක් නොවේ.
''දිගින් දිගටම රෝහල් ගත වන පිරිස අතරින් වැඩි පිරිසක් විදේශවලින් පැමිණෙන පිරිසවීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 400 ට වඩා අඩුවෙන් තබාගැනීම අභියෝගයක් වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනිල් ජාසිංහ පවසයි.''
දිගින් දිගටම රෝහල් ගත වන පිරිස අතරින් වැඩි පිරිසක් විදේශවලින් පැමිණෙන පිරිසවීම නිසා ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 400 ට වඩා අඩුවෙන් තබාගැනීම අභියෝගයක් වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ අනිල් ජාසිංහ පවසයි.
ඔහු ඊයේ (25) මාධ්‍යවේදින් හමුවේ පැවසුවේ, පසුගිය දින 5 ක කාලය තුළදී කොරෝනා රෝගීන් 154 දෙනා හමුනොවුනා නම් මේ වනවිට රෝහල් වල ප්‍රතිකාර ලබන පිරිස 400 ට වඩා අඩු වනු ඇති බවයි.
මෙරට දැඩි සත්කාර ඒකකවල ඇඳන් 500ක් පමණි
මෙරට දැඩි සත්කාර එකකවල ඇඳන් 500ක් පමණි. ඒ අතුරින් කොරෝනා ආසාදිතයන්ට ඇඳන් 400ක් පමණ වෙන්කළ හැකි වුවද මේ වනවිට ආසාදිතයන් ගණන 400 ඉක්මවා ඇත.
ඒම නිසා දැඩි සත්කාර ඇඳන් නොමැතිකම නිසා විදේශගත ලාංකිකයන්ට සියරට බලා ඒන්නට පාලකයන් ඉඩ දී නැත. පසුගිය දිනවල මෙරටට පැමිණි විදේශගත ලාංකිකයන් අතුරින් 80 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගත් බව පවසන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ, මේ වනවිට දැඩි සත්කාර ඒකක ඇඳන් පිරීගොස් ඇති බව කීය.
මෙරට සෞඛ්‍ය සේවා පහසුකම් පුළුල් කරන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ වාමාංශික ව්‍යාපාරය ගෙනයන උද්ඝෝෂණය ආණ්ඩු විසින් නොසළකා හැර තිබුණේ සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු මහජන සුබසාධක සේවා පෞද්ගලික ව්‍යවසායකයන්ගේ දඩබිම් බවට පත් කිරීමේ අරමුණ නිසාය.
''මෙරට සෞඛ්‍ය සේවා පහසුකම් පුළුල් කරන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ වාමාංශික ව්‍යාපාරය ගෙනයන උද්ඝෝෂණය ආණ්ඩු විසින් නොසළකා හැර තිබුණේ සෞඛ්‍ය, අධ්‍යාපනය ඇතුළු මහජන සුබසාධක සේවා පෞද්ගලික ව්‍යවසායකයන්ගේ දඩබිම් බවට පත් කිරීමේ අරමුණ නිසාය.''
රාජ්‍ය රෝහල් නවීකරණය කිරීම, සෞඛ්‍ය කාර්ය මණ්ඩල අලුතෙන් බඳවා ගැනීම, ඖෂධ මෙන්ම සෞඛ්‍ය වෛද්‍ය උකරණ ප්‍රමාණවත් පරිදි සැපයීම, සෞඛ්‍ය ඇතුළු රාජ්‍ය අංශයේ වැටුප් වැඩි කිරීම වැනි සියල්ල අත්හැර දමා ආණ්ඩු ක්‍රියාකරන්නේ මේ නිසාය.
මෙරටට විදේශ විනිමය උපයා දෙන විදේශගත ශ්‍රමිකයන් වෙනත් රටවල නේවාසිකාගාරවල හෝ තාවකාලික ලැගුම්හල්වල සාගින්නේ සහ රෝග බියෙන් කල් හරින්නේ පාලකයන් මෙරට සෞඛ්‍ය සේවාව පුලුල් කිරීමේ ප්‍රමුඛතා පාවාදී ඇති නිසා බව පැහැදිලිය.
මගී නෞකාවක සිටි ලාංකිකයෙක් කොළඹ වරායෙන් භාර ගැනීමෙන් පසුව ඊට විශාල ප්‍රචාරයක් ලබා දෙමින් මැතිවරණයට පවා වාසිදායක ප්‍රචාරයක් ආණ්ඩුව විසින් අත්පත් කරගන්නා ලදී.
ඒම සිදුවීම පිළිබඳ අදහස් පළකරමින්, විදේශගත ලාංකිකයන් අමතක නොකරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මාධ්‍ය හරහා උදාන වාක්‍ය කියූ බවද අමතක කළ නොහැකිය. ඒසේ වුවද සිදුකරන ප්‍රකාශ හා ක්‍රියාත්මකවන වැඩපිළිවළෙ අහසට පොළොව මෙන් බව පැහැදිලි වේ.
(චන්දන සිරිමල්වත්ත -lankaviews.com)