අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවියට ඊයේ (මැයි 27) වසර 50ක් සම්පූර්ණවිය. ඒ නිමිත්තෙන් ජනාධිපති ගෝඨභය රාජපක්ෂ

සිය ට්විටර් ගිණුමේ සුභ පැතුමක් සටහනක් තබමින් පවසන්නේ, මහින්ද රාජපක්ෂ මෑත ඉතිහාසයේ බිහි වූ අග්‍රගන්‍ය දේශපාලන පෞර්ෂයක් සහිත නායකයෙකු බවයි.

Mahinda youngඅගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවියට වසර 50 ක් සපිරිම වෙනුවෙන් ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ඇතුලු ආසියානු කලාපයේ රටවල් කිහිපයක රාජ්‍ය නායකයින් රැසක් සුභ පැතුම් එක් කර තිඛේ. මහින්ද රාජපක්ෂ වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමින් ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සුභ පැතුම් එක්කර ඇති අතර පැය භාගයක පමණ කාලයක් සුහද පිළිසදරක ද නිරත වී ඇත.

මහින්ද රාජපක්ෂ සිය දේශපාලන දිවිය ආරම්භ කළේ 1970 වසරේ මැයි 27වනදා පැවති මහමැතිවරණයට තරග කරමිනි. එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බෙලිඅත්ත ආසනය ජය ගෙන මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පළමුවරට දිව්රුම් දුන්නේ 1970 වසරේ ජුනි මස 07වනදාය.

2005 ජනාධිපතිවරණය ජය ගනිමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූරයට පත්වූ මහින්ද රාජපක්ෂ එතැන් සිට 2015 ජනවාරී 08වනදා දක්වා ජනාධිපතිධූරය හෙබවිය.

දශක තුනක් පමණ තිස්සේ ක්‍රියාකාරීව පැවති එල්.ටී.ටී.ඊ.ය  සංවිධානය යුධමය වශයෙන් පරාජය කරනු ලැබුවේද මහින්ද රාජපක්ෂගේ මගපෙන්වීම හා නායකත්වය යටතේය.

2004 නොවැම්බර් 19වනදා සිට 2005 ජනාධිපතිවරණය දක්වාත්, 2018 ඔක්තොම්බර් 26වනදා සිට දෙසැම්බර් 15වනදා දක්වා සහ 2019 නොවැම්බර් 21වනදා සිට මේ දක්වාත් ශ්‍රී ලංකාවේඅගමැති ධූරය හොබවන්නේද මහින්ද රාජපක්ෂ මහතාය.   2002 පෙබරවාරී 06වනදා සිට අප්‍රේල්  02වනදා දක්වාත්, යළි 2018 දෙසැම්බර් 18වනදා සිට 2019 නොවැම්බර් 21 වනදා දක්වාත් අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙසද කටයුතු කර ඇති මහින්ද රාජපක්ෂ, විවිධ රජයන් යටතේ අමාත්‍යධූර ගණනාවක්ද හොබවා තිබේ.

 

විපක්ෂයක් කටයුතු කළ යුත්තේ කෙසේදැයි ඉගැන්වූ නායකයෙක් :

Mahinda 1989විපක්ෂයක් මෙහෙයවිය යුත්තේ කෙසේදැයි ප්‍රයෝගිකව පෙන්වූ දේශපාලනඥයෙක්..

වසර 17 ක (1977-94) එක්සත් ජාතික පක්ෂ පාලනය පලවා හරිමින් 1994දී ශ්‍රීලනිපය ප්‍රමුඛ ආණ්ඩුවක් ගොඩනැගීම සඳහා විපක්ෂයේ බලවේග ඒකරාශී කරමින් මහ පාරට බැස සටනක් ගෙනගිය සටන්කාමි දේශපාලනඥයකු වූ මහින්ද රාජපක්ෂ, ඒ වෙනුවෙන් මව්වරුන්ගේ පෙරමුණු ගොඩනගමින්, පාදයාත්‍රා යමින්, ජන ඝෝෂා කරමින් සුවිශාල කාර්ය භාරයක් ඉටු කළේය.

එසේම, 2015 දී ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වූ අවස්ථාවේ දී පවා දේශපාලන සටන අතහැර පලා නොගොස් 'මහින්ද සුළඟ' ආරම්භ කරමින් රටවටා උද්ඝෝෂණ මෙහෙයවමින්, 2019 ජනාධිපතිවරණයෙන් සිය සොහොයුරා වූ ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කරවීම සදහා නායකත්වයද ලබා දුන්නේ මහින්ද රාජපක්ෂය. 

 මංගල ගෙන් ට්විටර් පණිවිඩයක් !

පනස් වසරක දේශපාලනය සමරන මහින්ද රාජපක්ෂ වෙත සුබපතමින් හිටපු ඇමතිවරයකු වන මංගල සමරවීර ද ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.

1988- 89 වකවානුවේ දකුණේ අතුරුදන්වූ තරුණයින් 60,000කගේ මව්වරුන් ගොනුකරමින්, 1990 දී පමණ ගනිමින් 'මව්වරුන්ගේ පෙරමුණ' ගොඩනැගුවේ මහින්ද රාජපක්ෂ හා මංගල සමරවීර සම දායකත්වයෙනි.

2005 වසරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී ඔහු මැතිවරණ ප්‍රධාන සම්බන්ධිකාරක වුයේද මංගල විසින් නිකුත්කර ඇති ට්විටර් පණිවිඩයේ මෙසේ සඳහන්වේ.

''වසර 50ක දේශපාලනය සමරන මහින්ද රාජපක්ෂ, එල්ටීටීඊයේ පරාජය සියලු ශ්‍රී ලාංකිකයන් එක්සත් කිරීමට යොදා ගත්තේ නම් මෙතෙක් සිටි හොඳම නායකයා විය හැකිව තිබුණි. නමුත් ඒ වෙනුවට විජයග්‍රාහී වාතාවරණයක් ඇති වූ අතර එය නැවුම් උද්‍යෝගයකින් යුතුව තවමත් ඉදිරියට යමින් තිබේ.

‘මව්වරුන්ගේ පෙරමුණේ’ සිටි අගමැතිතුමාට සහ සගයාට මාගේ අවංක සුබ පැතුම්.

WhatsApp Image 2020 05 28 at 10.53.43 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්