නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති නාවික සහ විදෙස්ගතව සිට පැමිණ ඇති ශ්‍රමික පොකුරු නිසි ලෙස කළමනාකරණය කර

නොගතහොත් කොරෝනා දෙවැනි රැල්ලක අවදානම නැවත රට තුළ මතුවිය හැකි යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ (28 ) ‘දිවයින’ පුවත්පතට සඳහන් කර ඇත.

මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියාව, ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට දෙවන කොරෝනා රැල්ලක අනතුරු අඟවා ඇති බවත් එහෙයින් ඉහත රෝගීන් පොකුරු කළමනාකරණය කර ගැනීම අතිශය වැදගත් බවත් හෙතෙම කියා සිටියි.

මෙම කටයුත්ත සඳහා දුරස්ථකරණය, ස්වයං ස්වස්ථතාව, විෂබීජ හරණය සහ මුහුණු ආවරණය යන සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් හී ඉංග්‍රීසි වචනයන්හි මුල් අකුරු වලින් සැකසී ඇති (DREAM) සංකල්පයේ මාර්ගෝපදේශනයන්ට අනුගත වෙමින් ජනතාව කටයුතු කිරීම ඉතා වැදගත් යැයි ද හෙතෙම සඳහන් කරයි.

විදෙස්ගතව සිටින මෙරට පුරවැසියන් නැවත මෙරටට ගෙන්වා ගැනීමේදී මෙරට රෝහල් පද්ධතියේ දැනට පවතින ධාරිතාව සහ නිරෝධායන මධ්‍යස්ථානයන්හි පවතින ඉඩ පහසුකම් පිළිබඳ සැලකිලිමත් වීම අත්‍යවශ්‍ය යැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියි.

එසේ නොවුණහොත් පවතින යහපත් තත්ත්වය වහා වෙනස් විය හැකි යැයිද හෙතෙම අනතුරු ඇඟවයි.

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වා නොගන්නා ලෙස මින් කිසිසේත් අදහස් නොවන බවත්, ඔවුන් මවු රටට ගෙන්වා ගැනීම මනා කළමනාකරණයක් යටතේ සිදු විය යුතු බව එහි අදහස බවත් හෙතෙම කියා සිටියි.

රට තුළ මෙම වෛරසය හොඳින් පාලනය කර ඇතත් සක්‍රිය රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම එතරම් හිත සුව නැති බවත් හෙතෙම පවසයි.

ඊයේ වන විට නාවික හමුදාවේ කොරෝනා ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 729ක් වේ.  එමෙන්ම විදේශීය රටවල සිට පැමිණ ආසාදිතයින් බවට තහවුරු වූ රෝගීන් ගණන 462කි.

 

නාවික කඳවුරුවලින් පිටටත් කොරෝනා !

නාවික හමුදා කඳවුරු වලින් අසාදිතයින් හමුවන බවට සෞඛ්‍ය අංශ පැවසුවා ද, ඉන් පිටත ඇති පිටකොටුව ගෆුර් ගොඩනැගිල්ලේ රැඳී සිටී නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතිබව තහවුරු වීමත් සමාජය තුල බරපතල සැකයක් හා බියක් මතුව ඇත.  

ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන නාවික හමුදාව පවසන්නේ, පිටකොටුවේ පිහිටි ගෆුර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි නාවික සෙබලෙකුට කොරෝනා ආසාධනය වීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර ගතයුතු නැති බවයි.

අත්‍යාවශ්‍ය රාජකාරීවල නිරත නාවික සෙබලූන් පිරිසක් මෙම ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටි බව පවසන නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලූතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර, ඔවුන් විවෘත සමාජයෙන් වෙන්ව හුදෙකලාව සිටි අය බව කියා සිටියි.

ඔහු එබව කියා සිටියේ 'නෙත් නිව්ස්' විසින් කළ විමසීමකදීය.

 

නාවික සෙබලූන් පිරිසක් මෙලෙස කොළඹ ගෆුර් ගොඩනැගිල්ලේ නවාතැන් ගෙන සිටින බවට පොලිසිය හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත්ව නොසිටි බවට ඇතැම් පාර්ශව චෝදනා කරති. 'නෙත් නිවුස්' ඒ සම්බන්ධයෙන්  කල විමසීමකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසිය.

 

 

'ගෆුර් ගොඩනැගිල්ල' හුදෙකලා කරයි :

කෙසේවෙතත් කොරෝනා ආසාධිත නාවික සෙබළුන් හමුවූ කොළඹ ගෆුර් ගොඩනැගිල්ල මේ වන විට හුදෙකලා කර ඇත.

ඒ සමගම එම ගොඩනැගිල්ලේ සිටි දෙසීයක පමණ වූ නාවික හමුදා සාමාජිකයන් ද එතුළම නිරෝධායන ක්‍රියාවලියකට ලක් කර තිබේ.

වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා ප්‍රතිකාර කරන නාවුක සෙබළුන්ට සැපයුම් අවශ්‍යතාවලට යොදා ගනු ලැබූ මෙම නාවික හමුදා පිරිස බාහිර සමාජයට මිශ්‍ර නොවන ලෙස එහි රඳවා සිටි බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්