ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් ගෙන්වීම ඵල රහිත බවත් එම තීරණය අත්හිටුවිය යුතු බවත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

 

ඒ ඔස්ට්‍රේලියාවෙන් කිරි ගවයින් 2500ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බව ප්‍රකාශ වීමෙන් පසුවයි.

කිරි ගවයින් 2500 ක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය.

කෙසේ වෙතත් පසුගිය රජය සමයේ ආනයනය කරන ලද කිරි ගවයන් මිලදීගෙන කිරි ගොවි පාලනය සිදුකරමින් සිටින ගොවින් මෙන්ම ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ විශාල මුදලක් වියදම් කර මිලදී ගත් ගවයන් ලෙඩ වීම සහ ප්‍රමාණවත් කිරි අස්වැන්නක් නොමැති කම නිසා  දිවි හානිකර ගැනීමේ තත්ත්වයට පත්ව ඇති බවය.

දේශීය අභිජනන වැඩපිළිවෙලක් අවශ්‍ය බව කියමින් සිටින මොහොතක නැවත වටයකින් රජය කිරි ගවයන් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීමට තීරණය කිරීම පිළිබඳව කිරි ගොවීන්ගේ ද දැඩි විරෝධය පළවී ඇත.

 

''කිරිගව ගනුදෙනු පසෙක දමා ජනතාව ජීවත් කරවන ගනුදෙනුවට ප්‍රවේශ වෙන්න''

ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ‍වෙත අදහස් දක්වමින් හිටපු විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙන්නේ, කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ ප්‍රතිපත්තියට රටේ එකඟ වන නමුත් බාල කිරිගවයින්ගෙන් ගෙන්වීම ඊට විසඳුම නොවන බවත් ය.

මේ දක්වා කිරිගවයින් ආනයනය සඳහා ඔස්ට්‍රේලියාව සමග සිදු කළ ගනුදෙනු හරහා අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බවත් ඒවා සියල්ලම බාල ගනයේ, ප්‍රමිතයෙන් තොර බව ඔප්පු වී ඇති බව ඔහු අවධාරණය කළේ ය.

පෙර සිදුවූ ගනුදෙනුවලට අදාළ දූෂණ වංචා, අඩු ප්‍රමිතයේ කිරිගවයින් ආනයනය වැනි කරුණුවලට අදාළ විගණකාධිපති වාර්තා, විවිධ පරීක්ෂණ, අධ්‍යන විමර්ශනය කර රටට ඵලදායි ආකාරයේ තීන්දු ගතයුතුව ඇති බව ද සජිත් ප්‍රේමදාස කියා සිටියේ ය.

කොරෝනා වංසගතයෙන් බැට කා සිටින රටට බාල ගනයේ ගවයින් ආනයනය කර ගොවීන්ට සහනයක් සැලසිය නොහැකි බැවින් කිරි ගව ගනුදෙනු පසෙක දමා එකී මුදල් යොදා මේ මොහොතේ රටේ ජනතාව ජීවත් කරවන ගනුදෙනවට ප්‍රවේශවන ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියි.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්