කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මේ බව තහවුරු කළේය.

මෙම පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වී ඇති බව මෙරටට පැමිණි පසු සිදු කරන ලද පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත.

සෞඛ්‍ය අංශ විසින් කොරෝනා පාලනය සඳහා නිකුත් කරන ලද නිර්නායක ක්‍රියාත්මක නොවන තත්වයන් දක්නට ඇති බවද වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේය.



ගුවන් තොටුපළේදීම PCR පරීක්ෂණ සිදුකිරීමට යයි

කටුනායක ගුවන් තොටුපළේ ආවේක්ෂණ කටයුතු පුළුල් කර ගුවන් මගීන් සඳහා PCR පරීක්ෂණ ගුවන් තොටුපළේදීම සිදුකිරීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

ඊට අවශ්‍ය පහසුකම් කඩිනමින් සකස් කරන ලෙස තමන් සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබාදුන් බව කටුනායක ගුවන් තොටුපළේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළාය.


නව්‍ය කොරෝනා වෛරසය සමාජය තුළ පැතිරීම වැළැක්වීම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්