ඊයේ (30) රාත්‍රී 11.55 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1620 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 62 ක් වාර්තා වී ඇත. ඉන් 25 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි.

කටාර් රාජ්‍යයෙන් පැමිණි පුද්ගලයින් 19 දෙනෙකු ද ඊයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් පිරිස අතර වේ.

කුවේටයේ සිට පැමිණි පුද්ගලයින් 08 දෙනෙකු සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයින් 03 දෙනෙකු ද ඊයේ වාර්තා වූ නව කොරොනා ආසාදිතයින් අතර වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය සඳහන් කළේය.

මේ වන විට පුද්ගලයින් 829 ක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කීපයක ප්‍රතිකාර ලබයි.

මෙරට පුර්ණ සුවය ලැබු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය වන විට 781 ක් දක්වා ඉහළ ගියේය.

‍මෙරට කොරෝනා ආසාදිතයින් 10 දෙනෙක් මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

හොරණ වෙලදසැල් ගණනාවක් සීල් තියයි

මේ අතර කටුනායක ගුවන්තොටුපලේ සේවයේ යෙදී සිටි යුද හමුදා සාමාජිකයෙකුට ද Cvid 19 රෝගය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

කුවේට්හි සිට පැමිණි කණ්ඩායමට ඉතා සමීපයෙන් සහය දැක්වු හමුදා සාමාජිකයෙකුට මෙලෙස Covid 19 රෝගය වැළදී ඇති අතර පසුගිය 29 වන දින ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබේ.

හොරණ කඳන ප්‍රදේශයේ පදිංචිව සිටින එම යුද හමුදා සෙබලාට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග  හොරණ වෙලදසැල් ගණනාවක් සීල් තබා ඇත.

හොරණ ප්‍රධාන වෛද්‍ය නිලධාරී චානක මල්ලිකාරච්චි සඳහන් කරන්නේ, හොරණ නගරයේ පිහිටි ප්‍රධාන වෙළඳ සැල් හතරක් මුද්‍රා තබා එහි සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

එම සෙබලාගේ බිරිද දරුවා ඇතුළු පවුලේ සියළු දෙනා නිරෝධායනයට යොමු කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්