පිළි/කොතලාවලපුර පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව

තහවුරු වී ඇති අතර, ඒ අනුව පසුගියදා එම පාසලට පැමිණි ගුරුවරුන් 26 දෙනෙකු ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇතැයි ලංකා ගුරු සංගමය නිවේදනයක් නිතුක් කරමින් කියා සිටී.

බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් විසින් නිකුත් කර ඇති එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

 

නිසි පියවර ගැනීමට රජය කටයුතු කර නැහැ !

''බස්නාහිර පළාතේ පාසල් 200 කට ආසන්න ප්‍රමාණයක ආරක්ෂක අංශවල පිරිස් නවාතැන් ගෙන සිටින අතර, ඒ අනුව බප/පිළි/කොතලාවල පුර විදුහලේ නාවික හමුදා සෙබළුන් නවාතැන් ගෙන සිටිති.

එසේ සිටියදී විදුහල්පතිවරයා විසින් පසුගිය 21 දින වැටුප් ලේඛන අත්සන් කිරීමට එම පාසලේ ගුරුවරු පාසලට ගෙන්වා ඇත.

මේ වන විට එම පාසලේ නවාතැන් ගෙන සිටින නාවික හමුදා සෙබළුන් 6කට ආසන්න පිරිසක් කෝවිඞ් 19 ආසාධිතයන් බව තහවුරු වී ඇති අතර, ඉන් පසු 21 දින පාසලට කැඳවූ ගුරුවරුන් 26 දෙනා ඔවුන්ගේ නිවෙස් තුළම නිරෝධායනය කිරීමට ගල්කිස්ස හා මොරටුව පොලීසි විසින් දැන්වීම් ප්‍රදර්ශනය කර ඇත.

ආරක්ෂක අංශවල නවාතැන් සඳහා පාසල් යොදාගැනීම සම්බන්ධයෙන් අප දිගින් දිගටම කරුණු දැක්වූවද ඒ සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට රජය කටයුතු නොකළ අතර, අධ්‍යාපන නිලධාරීන් විසින් විවිධාකාර හේතු දක්වමින් දිගින් දිගටම ගුරුවරු පාසල්වලට ගෙන්වීමට ද කටයුතු කරන ලදී.

එම තත්වය මත මේ වන විට බප/පිළි/කොතලාවලපුර විදුහලට පසුගිය 21 වෙනිදා ගෙන්වූ ගුරුවරු කෝරෝනා ආසාධිතයන්වීමේ අවදානමකට ලක්ව ඇත.''

 

ගුරුවරුන් අනාරක්ෂිත කිරීම ගැන පරීක්ෂණයක් අවශ්‍යයි

ගුරුවරු පාසල්වලට ගෙන්වා වැටුප් ලේඛන අත්සන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී නොමැති අතර, මේ ආකාරයෙන් කොතලාවලපුර විදුහලේ විදුහල්පතිවරයා ගුරුවරු පාසලට ගෙන්වා ඔවුන් අනාරක්ෂිත තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, බස්නාහිර පළාතේ පාසල්වලට විවිධ හේතු දක්වමින් ගුරුවරු ගෙන්වීම නතර කිරීමට පියවර ගන්නා ලෙසත් ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිටී.

එසේම ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා පාසල්වල නවාතැන් ලබාදීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්