අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් පාර්ශවයේ පුද්ගලයෙකු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍

ය අනිල් ජාසිංහ හට දුරකථනයෙන් අමතා බලපෑම් එල්ල කොට ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියි.

සියලු සෞඛ්‍ය උපදෙස් උල්ලංඝනය කරමින් හිටපු අමාත්‍යවරයාගේ මරණය සිදුවූ දින සිටම එම පිරිස වගකීම් විරහිතව ක්‍රියා කරන බවත් එවැනි ක්‍රියාවන්ට එරෙහිව රටපුරාම සමස්ත ජනතාව පෙල ගැසිය යුතු බවද ඔවුන් සිය නිවේදනයෙන් පෙන්වා දෙයි..

මිලඟ කොරෝනා රැල්ලට මෙය හේතුවක් විය හැකි බවද බෝවන රෝග පිලිබඳව අධ්‍යයනය කරන, රාජකාරි ඉටුකරන නිසි නිලධාරින් කණ්ඩායමක් ලෙස තමන් අනතුරු අඟවා සිටින බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

මෙවැනි වැරදි ආදර්ශයන් හේතුවෙන් රටේ මහජනතාවද කොව්ඩ් නිවාරණය සම්බන්ධයෙන් තිබෙන කැපවීම අවම වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශ කර සිටියි.

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ අවමඟුල් කටුයුතුවලට සහභාගි වූ කිසිවෙකුට හෝ කොවිඞ් 19 ආසාදනය වී නව රෝගීන් පොකුරක් මතුවුවහොත් නිරෝධායන පනතේ රෙගුලාසිවලට පටහැනිව යමින් කටයුතු කිරීම පිළිබදව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් නඩු පවරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ අනතුරු අඟවයි.

Thondaman funaral

 

සෞඛ්‍ය රීතීන් කඩන රැල්ල කොවිඩ්-19 වසංගත රැල්ලක් බවට....

මේ අතර රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, කොවිඩ්-19 පාලනයට අදාල සෞඛ්‍ය රීතීන් කඩන රැල්ල කොවිඩ්-19 වසංගත රැල්ලක් බවට පත්විය හැකි බවයි.

මේ වන විට කෝවිඩ් වසංගතය පාලනය කිරීමට අදාල සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ඇතුළු ස්පර්ශකයන් ඇතිවීම අවම කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පනවමින් තිබෙන නීති රීතීන් කඩකිරීම සමහර බලාධිකාරීන්ගේ විලාසිතාවක් බවට පත්වී ඇතැයි එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව තුල කෝවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා, මහජනතාව විසින් එකී නීති රීතීන් අනුගමනය කිරීමේදී දැක්වූ සංයමය වඩා වැදගත් වූ බව පවසන රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය, රට නැවත විවෘත කරමින් වඩා කැපවීමක් සහිත මහජන සහයෝගයක් සෞඛ්‍ය අංශ විසින් තවදුරටත් අපේක්ෂා කරන මේ මොහොතේ ඊට හාත්පස වෙනස් ක්‍රියාමාර්ගයක් සමාජයේ ඉහල වගකීමක් සහිත දේශපාලඥයන් ඇතුළු ප්‍රභූන්යැයි සම්මත සමහර පිරිස් විසින් අනුගමනය කිරීම මඟින් කොවිඩ්-19 මර්ධන නීති රීතීන් පිළිබඳව මහජනතාවට ඇති විශ්වාසය බරපතල ලෙස පිරිහීමකට ලක් වෙමින් ඇතැයි චෝදනා කර සිටියි.

සෞඛ්‍ය අංශයන්ගේ උපදෙස් වලට අදාලව මහජන රැස්වීම්වලට පැමිණීමට නියමිත පුද්ගලයන් සංඛ්‍යාව, අවමංගල්‍ය උත්සවයක් පැවැත්වීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙල, දිස්ත්‍රික් අතර සංචරණයේදී ක්‍රියාත්මක වන නීතිය හා අධි අවධානම් කලාප වල සිට අවධානම රහිත කලාප වෙත සමූහ වශයෙන් සංචරණය වීමට අදාලව බලපැවැත්වූ නිතී රීති උල්ඝනය කිරීමට රටේ කිසිඳු පුද්ගලයෙකුට ඉඩක් නොතැබිය යුතු අතර කොවිඩ්-19 ව්‍යාප්ත වීම සඳහා සමාජ තරාතිරම, දේශපාලන බලය හෝ වත්පොහොසත්කම අදාල නොවන බව සියළු පාර්ශ්වයන් සිහිතබා ගත යුතු බවද එම නිවේදනය මගින් අවධාරණය කර තිබේ.

 නමුත් පසුගිය දිනවල එලෙස වගකීම් රහිතව ක්‍රියාකරන ඇතැම් පුද්ගලයන්ට එරෙහිව කිසිඳු පාර්ශ්වයක් විසින් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන් කොවිඩ්-19 රෝගය ප්‍රජාවට සම්ප්‍රේෂණය වීමේ සහ ප්‍රජාව අතුරෙන් නැවත නැගිටීමක් ඇති වීමේ බරපතල අවධානමක් මතු කරන බවද රවී කුමුදේශ් සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

''එකී කොරෝනා මර්ධන නීති උල්ලංඝනය කරමින් කටයුතු කල අවස්ථාවන් සඳහා විද්‍යුත් මාධ්‍ය (රාජ්‍ය හා පෞද්ගලික) මෙන්ම සමාජ මාධ්‍ය ද්වාර හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීම මගින් තත්වය වඩාත් බරපතල වී ඇති ඇත.''

තවද එකී කොරෝනා මර්ධන නීති උල්ලංඝනය කරමින් කටයුතු කල අවස්ථාවන් සඳහා විද්‍යුත් මාධ්‍ය (රාජ්‍ය හා පෞද්ගලික) මෙන්ම සමාජ මාධ්‍ය ද්වාර හරහා අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීම මගින් තත්වය වඩාත් බරපතල වී ඇති බවත්,එමගින් ඉතා වැරදි පණිවුඩයක් සමාජගත වීම සහ සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ව්‍යාජ හැඟීමක් නිරූපණය කරන අතර එමඟින් වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශයේ සියළු ප්‍රයත්නයන් පසුගාමී කරනු ලබන බවත් එම නිවේදනය මගින් පෙන්වා දී තිබේ.

Thondaman funaral.2

බලධාරීන් විසින් දැඩි වැළැක්වීමේ ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම්, අනාගතයේ දී මෙවැනි මහජන රැස්වීම් සංඛ්‍යාවේ බරපතල වැඩිවීමක් දැකගත හැකි වනු ඇති බවත්, එමඟින් COVID-19 වසංගතයේ දෙවන රැල්ලක් ඇතිවීමට ඇති හැකියාව සාධනීය ලෙස ඉහළ යා හැකි බවත් රජයේ වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය අනතුරු අඟවා සිටියි.

උක්ත කරුණු සැළකිල්ලට ගෙන කොවිඩ්-19 සෞඛ්‍ය උපදෙස් කඩ කරනු ලබන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීම හා එලෙස නීතිය ක්‍රියාත්මක වන බව මහජනතාවට ඒත්තු ගැන්වීම අදාල සෞඛ්‍ය අංශ අංශයන්ගේ හා දේශපාලන බලාධිකාරයේ සහ නීතිය ක්‍රියාත්මක කරන අංශයන්ගේ වගකීමක් බව එම නිවේදනය මගින් වැඩි දුරටත් අවධාරණය කර ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්