කොරෝනා ආසාදිතයෙක් මීට සුළු වේලාවකට පෙර ජීවිතක්ෂයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

 

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 45 ක් වු කුවේට්වල සිට පැමිණි පිරිමි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වන 11 වන කොරෝනා ආසාදිත මරණයයි.

ඊයේ(31) රාත්‍රී 11 වන විට මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1633 ක් දක්වා ඉහළ ගියේය.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 822 ක් වන අතර 801 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image