ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ඊයේ (ජුනි 2) සිට ආරම්භ කළ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ පවසයි.

ඒ අනුව මෙවර මහ මැතිවරණය සඳහා ඡන්ද පත්‍රිකා එක් කෝටි 70 ලක්ෂයකට අධික සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට නියමිතය.

කොවිඩ් නයින්ටීන් වසංගත රෝග තත්ත්වය හේතුවෙන් සේවකයින් සහභාගී කරවා ගැනීමේ යම් යම් ගැටලු මතුව තිබුණ ද හැකිතාක් ඉක්මණින් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බව මුද්‍රණාලයාධිපතිනිය සඳහන් කළාය.

 

ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ පමාව ගැන සැකයක් !  

කෙසේවුවද ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ කිසියම් පමාවක් සිදුවිය හැකි බව රජයේ මුද්‍රණාල අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සාමාන්‍ය පරිදි ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ විය යුත්තේ, නාමයෝජනා බාර ගැනීමෙන් දින දෙකකට පසුව බවත් එසේ ඇනවුම බාරදී තිබුනේ නම්, මේවනවිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් බවත් රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති නායකයකු පැවසිය.

මෙම ඡන්ද පත්‍රිකා මුද්‍රණ ඇනවුම රජයේ මුද්‍රණාලය වෙත බාරදිය යුත්තේ, මැතිවරණ මහ ලේකම් කාර්යාලය විසිනි.

2020 මාර්තු 17 වන දින සිටම රජයේ මුද්‍රණාලය අත්‍යවශ්‍යය මුද්‍රණ කටයුතු සඳහා විවෘතව තිබිය දී ඡන්ද පත්‍රිකා මුද්‍රණය වැනි ප්‍රමුඛතා මුද්‍රණයක් සිදුකරවා නොගැනීම ප්‍රශ්නකාරී බව එම වෘත්තීය සමිති නායකයා කියා සිටියේය.

පසු අවස්ථාවක දී මහ මැතිවරණය පැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කෙරුණ ද මැතිවරණ කටයුතු තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත්කර නොතිබිය දී, ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ඊයේ දිනයේ ලැබෙන තෙක් ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු ආරම්භ නොකිරීම සැකකටයුතු බවද ඔහු පැවසිය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ඊයේ දිනයේ ආරම්භ කලද එහි මුද්‍රණ කටයුතු නිමා කිරීමට අවම වශයෙන් දින 20ක් ගතවන බව පැවසු එම වෘත්තීය සමිති ප්‍රධානියා, ඒ අතර කොවිඩ් නයින්ටීන් සමාජ සම්ප්‍රේෂණයේ යම් වර්ධනයක් ඇතිවුවහොත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය තවදුරටත් පමාවීමේ අවදානමක් ඇතැයි ද සඳහන් කළේය.

ඡන්ද පත්‍රිකා මුද්‍රණය පමා කිරීම කිසියම් දේශපාලන න්‍යය පත්‍රයක් මත සිදුවූයේද යන්න සම්බන්ධයෙන් බරපතල සැකයක් මතුව ඇතැයි ද එම වෘත්තීය සමිති නායකයා වැඩිදුරටත් කියා සිටියේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්