ගුවන්තොටුපල පරිශ්‍රයෙන් රටට ඇතුළු වන පුද්ගලයින් කොවිඩ් නයින්ටීන් සඳහා පරික්ෂා කිරිමේ කටයුතු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ
ඉහලම නිලධාරියකුට අයත් පෞද්ගලික රෝහල් සමුහයක් වෙත පවරා දී ඇතැයි වාර්තාවේ.
ඒ සම්බන්ධයෙන් ගුවන් තොටුපලේ ඉහල නිලධාරියකු ගෙන් අප කළ විමසීමේදී එය තහවුරු කළ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අද දිනයේ සිට ඊට අදාල කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ අධික්ෂණය යටතේ සිදු කිරීමට පියවර ගෙන ඇති බවයි.
ගුවන්තොටුපල පරිශ්‍රයෙන් රටට ඇතුළු වන පුද්ගලයින් කොවිඩ් නයින්ටීන් සඳහා පරික්ෂා කිරිම සඳහා ගුවන් තොටුපල පරිශ්‍රය තුල නිර්මාණය කරන රසායනාගාරයක් මඟින් සියළු ආගමණිකයන් RT-PCR පරීක්ෂාවට ලක් කරන ලෙස වෛද්‍ය රසායානාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් ආයතනය මිට ඉහත දී අවධාරණය කර තිබිණ.
එහි සභාපති රවී කුමුදේශ් පෙන්වා දී තිබුනේ එලෙස යාන්ත්‍රණයක් සකස් කරන්නේ නම් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට සිය සංගමය සූදානම් බවයි.
''බියක් ඇති කර ගත යුතු නැහැ''
මේ අතර ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම් සභාපති විශ්‍රාමික මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි පවසන්නේ, කොරෝනා වෛරසය කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණිම මේ වනවිට පාලනය කර ඇති බවයි.
30දා පැවති මාධ්‍ය සාකච්ඡාවේදි සභාපතිවරයා මෙසේද සදහන් කළේ ය.
සෞඛ්‍ය අමාත්‍යංශය වගේම යුධ හමුදා වෛද්‍ය වරුන්ගේද සහාය ඇතිව ගුවන්තොටුපල සේවකයින් පැය 24 පුරාම මේ පරික්ෂා කිරීම සිදු කරනවා. ගුවන් මගීන් හැර කිසිවෙකුට මේ පරියන්තයට ඇතුලු වීමට අපි ඉඩ දෙන්නේ නැහැ. මේ එන අයත් අපි දැඩි ලෙස පරික්ෂාවට ලක් කරනවා. කොරෝනා වෛරසය පාලනය වන තුරුම අප මේ වැඩපිළිවෙල ඉදිරියටම ක්‍රියාත්මක කරනවා.
මෙරටට පැමිනෙණ ගුවන් මගීන්ට අප විශේෂ පත්‍රිකාවක් දෙනවා. විශේෂයෙන්ම මේ අයගේ සෞඛ්‍ය තත්වය වගේ තොරතුරු අප ඒ මගින් ලබා ගන්නවා. වෛද්‍යවරුන් කීවේ කොරෝනා වෛරසය කිසිවෙකුට වැලදුනහොත් දින 14 ක් තුල ඒ ලක්ෂන පෙන්නුම් කරන බවයි.
ඒ නිසා අප සෞඛ්‍ය අංශ සමග එකතුවෙලා ගුවන්තොටුපලින් දිවයිනට එන සෑම කෙනෙකු පිළිබදවම පසුවිපරමක් සිදු කරනවා. ගුවන් තොටුපලින් පිටව ගියත් සෞඛ්‍ය අංශ ඒ අය ගැන අවධානයෙන් ඉන්නවා ඒ නිසා බියක් ඇති කර ගත යුතු නැත.
සබැඳි පුවත් :