විටින් විට  රට පුරා ක්‍රියාත්මක කෙරෙන නිරෝධායන ඇඳිරි නීතිය හමුවේ ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති කම්කරුවන්

මහත් පිඩාවට පත්ව සිටී.

කටුනායක නිදහස් වෙළද කලාපයේ අනියම් සේවයේ නියුතු "මෑන් පවර්" සේවකයන්ද සිය ආදායම් මාර්ග අහිමිවීමෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවයි කම්කරු නායකයන් පවසන්නේ.

'ඩාබිඳු සාමූහිකයේ' වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි මාධ්‍යවේදීන් හා කියා සිටියේ මෑන් පවර් මාර්ගයෙන් සේවයට යාම සදහා කාන්තා හා පිරිමි සේවකයන් සිය ගණනක් ජුනි 3 බදාදා දිනයේදී කටුනායක නිදහස් වෙළද කලාපයේ ප්‍රධාන ගේට්ටුව අසල රැදි සිටි බවයි.

ඇය පවසන ආකාරයට මෑන් පවර් නියෝජිතයන් වරුන් පැමිණෙන තෙක් කම්කරුවන් බලාසිටින විට එතනට පැමිනි පොලිස් නිලධාරීන් දෙදෙනකු සේවකයන් එක්වී සිටිනවාට විරෝධය පාමින් අනතුරු අඟවා ඇත්තේ සමාජ දුරස්ථ භාවය රදවා තබා නොගන්නේනම් නිරෝධානයට යොමු කරන බවයි.

සිය දුක් ගැනවිලි  පොලීසියට පැහැදිලිකර දෙමින් සේවකයන් පවසා ඇත්තේ කිසිදු රැකියාවක් නොමැති  ඔවුන්ට ජීවත් වීමට ආදායමක් සොයා ගැනීම පිණිස එහි පැමිනි බවයි.

නිවාස හිමියන් නේවාසික කුලී ඉල්ලමින් කරදර කරන අතර, හෙට දිනයේ සිට ඇඳීරි නීතිය පැණවූ පසු ලබන  සදුදා වන තෙක් කිසිදු ආදායමක් නොලැබෙන අතර තමත් පත්ව ඇති  තත්වය පිළිබද කිසිවෙකුත් වගකීම බාර නොගන්නා බව ඔවුන් පවසා තිබේ.   ඇතැම් කම්කරුවන් අවධාරණය කරන්නේ පසුගිය මාස වල  නිවාස කුලියද ගෙවනු ලැබුවේ කණකර උකස් කර බවයි.

ජූනි 4 බ්‍රහස්පතින්දා සහ ජූනි 5 සිකුරාදා දෙදිනම රට පුරා නිරෝධායන  ඇඳිරි නීතිය ක්‍රියාත්මක බව රජය නිවේදනය කර තිබේ.

එම ස්ථානයට එක්කාසු වු කාන්තාවන් පිරිසක්ද  තමන් පත්ව ඇති කනගාටු දායක තත්වය කනස්සල්ලෙන් යුතුව විස්තර කළ බව ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි මාධ්‍යවේදීන් හා කියා සිටියේය.

manpower

රජය විසින් ලබාදුන් රුපියල් 5000 ක දීමනාව තමන්ට නොලැබුන බව පෙන්වා දෙන මෑන් පවර් සේවකයන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ ලැබුණු සහනාධාර මල්ල දින 3වත් ප්‍රමාණවත් නොවූ බවයි.

වෙනදා  "මෑන් පවර්" සේවකයකු සදහා සේවය ලබා ගන්නා ආයතනය මගින්  දිනකට රුලියල් 1000 - 1200 ත් අතර ගෙවීමක් කරනු ලැබුවද කොරෝනා වසංගත තත්වය මතු වීමෙන් පසු ඔවුනගේ දෛනික ආදායම රුපියල් 700  දක්වා  පහල බැස ඇති බව ඩාබිඳු සාමූහිකයේ වැඩසටහන් සම්බන්ධීකාරිකා චමිලා තුෂාරි මාධ්‍යවේදීන් සමග වැඩි දුරටත් කියා තිබේ.

මීට ඉහතදී වෘත්තීය සමිති ගණනාවක්ම පෙන්වා දී තිබුනේ ලොව පුරා පැතිර යන කොරෝනා වසංගත තත්වය ප්‍රයෝජනයට ගනිමින් හාම්පුතුන් විසින් කම්කරු අයිතීන් දියාරු කිරීමට ගන්නා උත්සාහය තුළ මෑන් පවර් ක්‍රමය යටතේ සේවයේ නිරත වුවන් මේ හරහා දැඩි අසරණතාවයකට පත්ව ඇති බවයි.

manpower1

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්