මෙරට ආර්ථිකයේ සැලකිය යුතු විශේෂ කාර්යභාරයක් ඉටුකරන ශ්‍රී ලංකා මහබැංකුවේ මුදල් මණ්ඩලය වෙනස් කරන්නට

ආණ්ඩුව විසින් මහබැංකුවට නියෝගකර ඇත.

ස්වාධීන ආයතනයක් ලෙස හඳුන්වන මහබැංකුව තමන්ගේම වූ පාලනයක් පවත්වා ගත යුතු යැයි අපේක්ෂිත වුවද ඒය ඒසේ නොවන බව ඒහි ප්‍රධාන වෙනස්කම්වලදී ආණ්ඩු විසින් සිදුකරන බලපෑම්වලදී අනාවරණය වේ.

මුදල් මණ්ඩලය යළි පිහිටුවීම සඳහා ආණ්ඩුවේ බලධාරින් විසින් කරන ලද නියෝගයකට අනුව ඒහි සාමාජිකයන් ඉල්ලා අස්වී ඇත.

මැයි මස 31 දක්වා මුදල් මණ්ඩලයේ සාමාජිකයින් ලෙසින්, මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් (සභාපති), භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල (නිල සාමාජික), නිහාල් ෆොන්සේකා, ආචාර්ය දුෂ්නි වීරකෝන් හා ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන කටයුතු කළහ.

ශ්‍රී ලංකා මහ බැංකුව, රජයේ සංස්ථාපිත ආයතනයක් නොවන නිසා ඒමගින් භාවිතයට ගන්නා වූ නීතිමය රාමුවක් ඇත. මෙරට මුදල් නීති පනතට මහබැංකුවේ සියලු බලතල සහ කාර්යයන් පාලන වගකීම මුදල් මණ්ඩලයට පැවරී ඇත.

ඒ නිසා මහ බැංකුවේ කළමණාකරණය, මෙහෙයුම් සහ පරිපාලනය සම්බන්ධ සියලු ම ප්‍රතිපත්ති තීරණ ගැනීම මුදල් මණ්ඩලය විසින් සිදුකරනු ඇතැයි අපේක්ෂිතය.

කෙසේවෙතත් ආණ්ඩුවේ අවශ්‍යතා අනුව ඒම සංවිධාන ව්‍යුහය නැවත පත්කිරීමට සිදුවීම අනුව, නීති විරෝධී බලපෑමක් සිදුව ඇති බව පැහැදිලිය.

(lankaviews.com)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්