මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපලේ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ

ප්‍රතික්ෂේප කරමින් රට තුලට ඇතුල් වී ඇති බව ගුවන් තොටුපල බලධාරීන් පවසයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පවසා සිටියේ, අදාල තානාපති නිලධාරියා කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් අද (04) අළුයම 01.45 ට පමණ කටුනායකට පැමිණි බවයි.

අනතුරුව තානාපති කාර්යාල වරප්‍රසාද භාවිත කරමින් කටුනායක ගුවන් තොටුපලෙන් පිටත්ව ගොස් ඇති බව රජීව් සූරියආරච්චි පැවසුවේය.

කෙසේවෙතත් තානාපති කාර්යාල රෙගුලාසිවලට අනුව අදාල නිලධාරියා දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු අතර අනතුරුව එම තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබාදීමට අමෙරිකානු තානාපති කාර්යාලය පියවර ගනු ඇති බව හෙතෙම කියා සිටියේය.

 

ඇමෙරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශය :

Nancy Van Hornමේ පිලිබඳව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාෂිකා නැන්සි වැන් හෝර්න් ගෙන් 'අද දෙරණ' කළ විමසීමක දී ඇය සඳහන් කළේ, එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවට පැමිණීයේ ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ පැවැත්වූ සමීප සම්බන්ධීකරණයෙන් අනතුරුව නිරෝධායන සීමා කිරීම් සහ කොවිඩ් නයින්ටීන් මාර්ගෝපදේශ පිලිබඳව දැනුවත්ව වන බවයි.

එමෙන්ම එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික කාර්ය මණ්ඩලය මෙම සංචාරය සිදුකරන්නේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ දක්වා ඇති ප්‍රමිතීන් හා ක්‍රියා පටිපාටිවලටද අනුකූලව බව ඇය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ අනුව අදාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීයා කටයුතු කර ඇති බව ඇයට විශ්වාසයෙන් තහවුරු කල හැකි බවද අවධාරණය කළාය.

 

''රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ද අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතුයි'' - සෞඛ්‍ය බලධාරීන්

මේ අතර මෙරට පවතින නිරෝධායන නීති රාමුව තුළ කිසිවෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

 අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියෙකු PCR පරික්ෂණය ප්‍රතික්ෂේප කරමින් රට තුළට ඇතුළු වී ඇතැයි, කියන සිද්ධිය සම්බන්ධයෙන් 'නිවුස් ෆස්ට්' කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පැවසුයේ, විදේශයන්හි සිට පැමිණෙන කිසිවෙකු PCR පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

සාමාන්‍ය මගීන් මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ද අදාළ පරීක්ෂණයට පෙනී සිටිය යුතු බව ඔහු අවධාරණය කර සිටියේය.

 

ජනාධිපතිගේ දැනුම් දීම :

Gotabaya Oder

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අදාළ බලධාරීන්ට දැනුම් දී ඇත්තේ, විදේශ රටවල සිට පැමිණෙන කවර තරාතිරමක අයකු වුවද PCR පරීක්ෂණයට භාජන කොට ප්‍රතිඵල ගුවන් තොටුපොළ පරිශ්‍රයේදීම ලබා ගැනීමෙන් පසු නිරෝධායනයට යොමු කරන්න ලෙසයි.

කොවිඩ් – 19 මර්දන කාර්ය සාධක බලකාය සහ විශේෂඥ වෛද්‍යවරුන් සමග අද(04) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එම දැනුම් දීම සිදුකර ඇත.

ආගමන පටිපාටියට පෙර, පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන තෙක් වෙනම ස්ථානයකට යොමු කර ඔවුනට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

එතෙර සිට විශේෂයෙන් මැද පෙරදිග සිට සිය රට එන පිරිස් PCR පරීක්ෂණයට භාජන කිරීමේදී සහ නිරෝධායනයට යොමු කිරීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු සහ ඒවා විසඳිය යුතු ආකාරය අද රැස්වීමේ දී දීර්ඝ වශයෙන් විමර්ශනය ලක්කර ඇත.

PCR ප්‍රතිඵල කඩිනම් කිරීමට ගුවන් තොටුපොළ පරිශ්‍රයේම පරීක්ෂණාගාරයක් ස්ථාපනය කිරීමට ද එම රැස්වීමේ දී තීරණය කර ඇත.

වසංගතය දීර්ඝ කාලයක් පැවතිය හැකි බැවින් සහ ඉන් ඔබ්බට ද ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පරීක්ෂණාගාරයක් තිබීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මිහූ සහ ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ සහ විශේෂඥ වෛද්‍යවරු සාකච්ඡාවට එක්ව සිටියහ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්