''මම කීවේ වංචාකාරයින්ට ඡන්දය දෙන්න එපා කියලා, ඔවුන් තොප්පිය දාගන්නවා නම් මට කරන්න දෙයක් නැහැ..'' ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික, මහාචාර්ය රත්නජීවන් හූල් පවසයි.

'පොහොට්ටුවට' ඡන්දය දීමෙන් වළකින්නැයි ස්වාධීන මැතිවරණ කොමිසමේ දෙමල ජාතික සාමාජිකයා දමිළ ජනතාව ගෙන් ඉල්ලා ඇතැයි, ආණ්ඩුවට පක්ෂපාති දකුණේ මාධ්‍ය වල පලවී ඇති පුවත් වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු එබව අවධාරණය කර තිබේ.

උතුරේ ක්‍රියාත්මක වන ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවක් හා අදහස් දක්වමින් ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික, මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශකර ඇත්තේ, බොරු ප්‍රචාර කරමින් ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව කටයුතු කරන අයට ඡන්දය නොදෙන ලෙසයි.

තමන් සිංහල භාෂාව නොදන්නා බවත් එමෙන්ම සිංහලෙන් පලවන කුණු කියවන්නට නොදන්නා බවත් ඔහු එහිදී සඳහන් කර ඇත.

'සිංහලෙන් ලියන කුණු' - මරු පරිවර්තන : 

මේ අතර 'කලම්බු ටෙලිග්‍රාෆ්' කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය FB පිටුවේ සටහනක් පළකරමින්,  එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික, මහාචාර්ය රත්නජීවන් හූල් ප්‍රකාශකර ඇත්තේ කොහේදී දැයි විමසා සිටියි. 

එම සටහනේ මෙසේද දැක්වේ.

''හොඳට දෙමළත් දන්න ඉංග්‍රීසිත් දන්න කෙනෙක්, හූල් අර ටීවී එකට දෙමළෙන් කියන එක පරිවර්තනය කරල දුන්න. දැන් මේකෙ කොතනද SLPP එකට ඡන්දෙ දෙන්න එපා කියන්නෙ? "සිංහලෙන් ලියන කුණු" මරු පරිවර්තන !

"Under the 19th Amendment it is hard to cheat. But this they attempt to do by intimidating the Commission. At meetings the SLPP journalists will be in front and give me rubbish in Sinhalese they know I cannot read. They threaten to remove me from the Commission. And lots of lies are written about me. You should not vote for those who lie to you. Some Tamil Congress members intimidated me in early 2018 at an election, the file was taken to the AG's office saying that he has to think about it. It is still there and the case cannot move. The whole establishment is about protecting the cheats, whom everyone knows are cheating."

'Screen Shot 2020 06 06 at 8.11.03 PM
ලැජ්ජයි සබ්‍රි තුමෝ!!
මෙම කාරණය සම්බන්ධයෙන් රජිත කීර්ති තෙන්නකෝන් ගේ FB පිටුවේ පළකර තිබු සටහනකට ප්‍රතිචාරයක් ලෙස 'පොහොට්ටු' පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසා ඇත්තේ, ''හූල් විශේෂයෙන්ම SLPP එකට ඡන්දය නොදෙන ලෙස කියා ඇති බවයි. 

ඒ පිළිබඳව 'කලම්බු ටෙලිග්‍රාෆ්' කතුවරයා, හූල් ගෙන් විමසීමක් කර යළිත් සිය FB පිටුවේ මෙවැනි සටහනක් පලකර ඇත.
 
Screen Shot 2020 06 06 at 8.13.41 PM


''හූල් විශේෂයෙන්ම SLPP එකට ඡන්දය නොදෙන ලෙස කියා ඇති බව විඩියෝ ලින්ක් එකද දමා අලි සබ්‍රි, රජිත්ගේ වෝල් එකේ දමා තිබූ ප්‍රකාශය ගැන මම හූල්ගෙන් ඇසුවා. මෙන්න හූල්ගේ ප්‍රතිචාරය. 
ලැජ්ජයි සබ්‍රි තුමෝ!!

Ali Sabry is angry with me for not letting up on threatening Muslims with a thrashing if they did not vote for Rajapaksa in Nov. He used the word Ambaanai -- thrashing.
In the present instance, I did not say what I am reported to have said. Mawbima and Ceylon Today consist of a group of cheats. They created a story about my daughter failing to undergo quarantine when she had a certificate signed by Lieut. General Shavendrade Silva and Dr. Jasinghe' that she had finished the required quarantine. The Editor refused a correction because his Chairman had ordered him to print his tall tales. And now this.What I said on Dan TV was do not  vote for cheats. If the hat fits, let the SLPP wear it. 
It is a Match 12 principle endorsed by the EC not to vote for fraudsters who cheat voters. I was repeating EC policy 

If Ceylon Today and Mawbima are looking for sensationalism, please let them report on true stories rather than created stories like this. For example, let them write on the scandalous bribing of the LTTE to rob Tamil voters of their franchise in 2005.
 
Nor did I say anything bad about the Sinhalese or their language. What I said is that because I am a Tamil, it is easy to attack me. For, I cannot read the rubbish they write. 
 

Ratnajeevan Hoole
Member, EC


Screen Shot 2020 06 06 at 8.15.26 PM
හූල් කිව්වේ ‘Don't vote for people who are cheating you" කියලා, බයියො ටක්ගාලා තොප්පිය දාගත්තා
"පොහොට්ටුවට ඡන්දය දෙන්න එපා කියලා ?

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්