රියැදුරු බලපත්‍රය මුද්‍රණය දීර්ඝ කිරීමේ ගිවිසුම හැකි ඉක්මනින් දකුණු අප්‍රිකානු සමාගම සමග අත්සන් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ පිරිසක් දැඩි උත්සාහයක නිරත වී සිටින බව

වාර්තාවේ.

 රියැදුරු බලපත්‍රය මුද්‍රණය විදෙස් සමාගම ලවා සිදු නොකර එය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් මගින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස හෝ ඒ සම්බන්ධයෙන් ඇති හැකියාව සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර හෝ ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් ගාමිණි සෙනෙවිරත්න හෝ තමන්ට මෙතෙක් දැනුම්දීමක් කර නැතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් පැවසීය.

 ඔවුන් ඒ සම්බන්ධයෙන් නිලවශයෙන් දැනුම් දුන් විට ඊට අදාළ කටයුතු සිදු කිරීමේ හැකියාව ගැන සොයා බලන බවද ඔහු සඳහන් කළේය.

 එසේම එවැන්නක් සිදු කරන්නට ඇතැම් විට තවත් සේවකයන් කීපදෙනකු බඳවා ගැනීමට සිදුවනු ඇතැයිද, ඊට අදාළ කටයුතුවලට මහා භාණ්ඩාගාරයේ හා කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අවසරය අවශ්‍යවනු ඇතැයි ද ඔහු පැවසිය.

 එසේම අදාළ රියැදුරු බලපත්‍ර  ප්‍රසම්පාදන ක්‍රියාවලියේ වරදක් සිදුව ඇත්නම් 2006 වසරේ හෝ 2009 වසරේ එය සිදුවුවද දැන් වුවද ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නට බලධාරීන්ට බාධාවක් නැතැයිද ඔහු පෙන්වා දුන්නේය.

 මේ අතර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු සේවකයන් පවසන්නේ මේ ක්‍රියාවලිය දෙපාර්තමේන්තුවේ සිදු කරන්නට අවශ්‍ය තරම් සේවක පිරිස් එහි සිටින බවත් අදාළ යන්ත්‍රෝපකරණ මේ වන විට රජයට අයිති වී ඇති බැවින් ඒ සඳහා සියලූ සම්පත් ද දෙපාර්තමේන්තුව සතු බවත්ය. 

(මුලාශ්‍රය - දිවයින)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්