මේවනවිට රුපවාහිනී ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් අතර අතිශයින් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන 'තණමල්විල කොල්ලෙක්' විකාශන කෙරෙන කාලය තුල ITN නාලිකාව විසින් ඊයේ (ජුනි 07) අගමැති මහින්ද රාජපක්ෂගේ

විශේෂාංග වැඩසටහනක් විකාශය කිරීමත්, ජාතික රුපවාහිනිය 'අරුම පුදුම රෝද හතර' වැඩසටහන අත්හිටුවා අගමැතිවරයාගේ වැඩසටහනක් විකාශය කිරීමත් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනයට ලක්කර ඇත. 

මහින්ද රාජපක්ෂ හා වාසුදේව  නානායක්කාර සහභාගී වූ සජීවී වැඩසටහනක් ITN නාලිකාවේ ඊයේ රාත්‍රී විකාශය වූ 
අතර ඒ හේතුවෙන් විකාශය නොවූ වැඩසටහන් අතර ITN  නාලිකාවේ LMRB සමීක්ශණය අනුව වැඩිම ප්‍රේක්ශක පිරිසක් නරඹන "තණමල්විල කොල්ලෙක්" ටෙලිනාට්‍ය ද වේ.

මෙය  සමාජ මාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව ඇත්තේ, 'තණමල්විල කොල්ලෙක්' වෙනුවට 'මැදමූලන කොල්ලෙක්' පෙන්නු බව කියමිනි.

අරුම පුදුම රෝද හතර:

 LMRB අනුව රූපවාහිනීයේ වැඩිම රේටින්ස් ඇති වැඩසටහන 'අරුම පුදුම රෝද හතර' යි. ඊයේ ඒ වැඩසටහන පරිගතකර තිබියදීත් කලින් වැඩසටහනක නැවත විකාශයක් සිදුකර තිබිණ. ඒ එම වැඩසටහන නිශ්පාදක චන්දන සෙනෙවිරත්න නැමැත්තා තමාගේ 'අරුම පුදුම රෝද හතර' වැඩසටහන වෙනුවට මහින්ද රාජපක්ෂගේ වෙනත් වැඩසටහනක සoස්කරණය කිරීමට කාලය ගතකර ඇති නිසා බව එම ආයතනයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මෙම වැඩසටහන විකාශය නොවීම ගැන රූපවාහිනී සභාපති, අධ්‍යක්ෂක ජනරල් හෝ එම වැඩසටහන් අoශයේ ප්‍රාධානීන් දැන සිට නොමැත.

ජාතික රූපවාහිනීයේ 'පොහොට්ටුවට' සම්බන්ධ සේවකයන් තම හිතුමනාපයට වැඩකිරීමට මෙය හේතුව බව වාර්තාවේ.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්